Thursday, May 9, 2024

හොරෙන් ගෙනා මිලියනයක බෙහෙත් අත්අඩංගු වේ

නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වූ රුපියල් මිලියනයක් වටිනා ඖෂධ තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් මගින් මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේදී ඊයේ (31)අත්අඩංගුවට ගැනිණි.

මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයෙන් ලැබුණු තොරතුරකට මේ වැටලීම සිදු කළ බවත් තුර්කියෙන් මෙරටට ගෙන්වා ඇති මේ ඖෂධ තොගය මෙරට ලියාපදිංචි නොකළ නීති විරෝධි ඖෂධ තොගයක් බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවසීය.

දියවැඩියාව සඳහා භාවිතා කරන පෙති 19,200 ක් ද, කොලෙස්ටරෝල්වලට භාවිතා කරන පෙති 2800 ක් ද මේ ඖෂධ තොගය අතර තිබූ බව ඔහු කීය.

ඖෂධ තොගය මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයෙන් නිදහස් කර ගෙන එළියට ගෙන එන විටදිම අදාළ සැකකරු සහ ඖෂධ තොගය අත්අඩංගුවට ගත් බවත් ඖෂධ ඇතුළත් පාර්සලය ජාතික ඖෂධ නියාමන අධිකාරියට ගෙනගොස් විවෘත කළ විට එම ඖෂධ මෙරට ලියාපදිංචි නොකළ ඒවා බවට තහවුරු වූ බවත් ඔහු ප්‍රකාශ කළේය. මේ ඖෂධ ජාවාරම කාලයක් තිස්සේ කර ගෙන ගිය එකක් කළ ප්‍රශ්න කිරීම්වලදී තහවුරු වූ බවද මීට පෙර මේ ඖෂධ මෙරටට ගෙනාවේ කෙසේද, ගෙනාවේ කවුද යන්න සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි විමර්ශනයක් කරන බව ද අමිත් පෙරේරා මහතා පැවසීය.

මේ වැටලීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන මහින්ද සිරිකුමාර, සී.එස්. ගුරුසිංහ මහත්වරු ද සහභාගි වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles