Saturday, May 4, 2024

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමට ඉන්දියාවෙන් අතහිත

මගී ජනතාවට උපරිම කාර්යක්ෂම සේවයක් සැලසෙන ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරිම සම්බන්ධයෙන්  සාකච්ඡා ආරම්භ වී ඇතැයි  ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සේවක වැටුප් ,විශ්‍රාම වැටුප් හා වෙනත් ප්‍රතිලාභ අහිමි නොකෙරෙන හෝ  කප්පාදු නොකෙරෙන ආකාරයට එම කටයුත්ත කිරීම අරමුණ බවද ඔහු සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීම සඳහා එය අධිකාරියක් බවට පත් කළ යුතු බවට යෝජනා ගණනාවක් පසුගිය කාලය පුරා රජයට ඉදිරිපත්ව තිබිණ.

ඒ අතරම ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය සහ සෙසු ප්‍රවාහන පද්ධතිවල යටිතල පහසුකම් කඩිනමින්  වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය රජය සහයෝගය දැක්වීමට පොරොන්දු වූ බවත් ගුණවර්ධන මහතා පැවසීය.

පොසිල ඉන්ධන මත යැපීම අවම කර ප්‍රවාහනය සඳහා බලශක්ති ප්‍රභවයන් ලෙස ජෛව ඉන්ධන සහ විදුලිය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ද ශ්‍රී ලංකාවේ අවධානය යොමු වී ඇති බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දියාවෙන් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන බස්රථ ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව ද සඳහන් කළේය.

එම සංචාරයේදී ඉන්දීය රජයේ රේල් ඉන්දියා ටෙක්නිකල් ඇන්ඩ් ඉකොනොමික් සර්විස් ලිමිටඩ්, ඉන්දියා රේල්වේ කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ් සහ රේල් විකාශ් නාගම් ලිමිටඩ් යන ආයතනවල සභාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ කළමණකාරවරු ඇතුළු නිලධාරීන් සමඟ ද සාකච්ඡා කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles