Friday, May 3, 2024

ප්‍රමිතියෙන් උසස් එන්නත් අඩුවට ගන්න පුලුවන් – ඇයි චීන එන්නතම අධික මුදලකට ගන්නේ – රවී කුමුදේශ්

ලෝක සම්මතයට අනූව උසස් තත්වයේ කොවිඩ් මර්ධන එන්නත් අඩු මුදලකට මිළදී ගැනීමේ හැකියාව තිබියදී චීනයේ නිශ්පාදිත සයිනෝෆාම් එන්නත වැඩි මුදලක් ගෙවා මිලදී ගන්නේ ඇයිදැයි සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංගමය රජයෙන් ප්‍රශ්න කරනවා.

ශ්‍රී ලංකාව තුලත් ලෝකය තුලත් වැඩිම ඉල්ලූමක් ඇති ෆයිසර් සහ මොඩර්නා එන්නත් මෙරටට නොගෙන්වා වැඩි මුදලකට චීන එන්නත් මිළදී ගැනීම පුදුම සහගත කරුණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අදහස් පළ කලා.

බලධාරීන් විසින් ජනතා මුදල් භාවිත කරමින් සිදුකරන මෙම ක්‍රියාවලියට හේතු කඩිනමින් ජනතාවට පැහැදිලිකල යුතු බවයි කුමුදේශ් මහතා අවධාරණය කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles