Tuesday, May 7, 2024

රටක ඉදිරි ගමන වෙනුවෙන් ඇමතිවරු සහ මන්ත්‍රිවරු සියලුදෙනා එකට එක් වී වැඩ කළ යුතුයි

රටක ඉදිරි ගමන වෙනුවෙන් ඇමතිවරු සහ මන්ත්‍රිවරු සියලුදෙනා එකට එක් වී කණ්ඩායමක් ලෙස වැඩ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.


“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් එක් පියවරක් ලෙස පාසල් දහසක් ජාතික පාසල් බවට පත්කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මහතා මේ බව පැවසීය.


මොණරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම ඊයේ (07) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මොණරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කෙරුනේ ජනාධිපතිවරයා විසිනි.

අනාගතයට ගැළපෙන කුසලතාවන්ගෙන් පිරිපුන් දරු පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රතිපත්තිමය තීරණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් සිදු කෙරෙමින් පවතී.

මේ වන විට පැවති ජාතික පාසල් සංඛ්‍යාව 374කි. එය සමස්ත පාසල් සංඛ්‍යාවෙන් 3.6%ක් වේ.

ජාත්‍යන්තරව පිළිගත් නිර්නායකයන් සැලකිල්ලට ගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකින් තෝරාගත් පාසල් ජාතික පාසල් බවට පත් කිරීමට පියවර ගෙන තිබේ.

මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර, කුමාරසිරි රත්නායක, ගයාෂාන් නවනන්දන යන මහත්ම මහත්මීහු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක ඇතුළු ලේකම්වරු, ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා සහ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

“සිදුවන පසුබෑම් සඳහා කණ්ඩායමක් ලෙස මුහුණදීම සාමූහිකව වගකීමක්
එසේ නොකර අඩුපාඩුකම් පිළිබඳ පමණක් විවේචන කරනවා නම් එය අදාළ පුද්ගලයාගේ අකාර්යක්ෂමතාවක්.
කොවිඩ් හේතුවෙන් අහිමි වූ වසර දෙක ගැන නොසිතා තමා පොරොන්දු වූ වගකීම් ඉදිරි තෙවසර තුළ ඉටු කිරීමට කැපවන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

සෑම මන්ත්‍රීවරයෙකුම කැබිනට් අමාත්‍යධුරයක් බලාපොරොත්තුවෙන් සිටී.. එහෙත් ව්‍යවස්ථානුකූලව ලබා දිය හැකි කැබිනට් අමාත්‍යධුර 30 ට අමතරව කිසිඳු අමාත්‍යධුරයක් ලබා දී තමා ජනතාවට දුන් පොරොන්දුව කඩ කරන්නේ නෑ.ජනතාව වෙනුවෙන් ගන්නා තීරණවල දී සහායවීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යුතුකමක්.තීරණ ගැනීමේ දී නිලධාරීන් වැඩ කළ හැක්කේ කෙසේ දැයි පමණක් බලන්න..
එසේ නොමැතිව චක්‍රලේඛ මගින් වැඩක් කළ නොහැක්කේ කෙසේ දැයි නොබලන්න..
ඉදිරි වසර තුන සඳහා සම්පූර්ණ සහාය ලබාදෙන්න.රාජ්‍ය සේවයේ සියලු ම දෙනාගෙන් මා ඉල්ලනවා.ගම සමග පිළිසඳර” වැඩසටහන යළි අරඹා ජනතා අපේක්ෂාවන් කඩිනමින් ඉටු කරන බවද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.

රාජ්‍ය ඇමතිවරයෙක් අස් කරන්න වුණා. රාජ්‍ය ඇමතිවරයෙක් ගිහිල්ලා කියනවා නම් මේ ආණ්ඩුව වැරදියි කියලා එයා කියන්නේ එයත් වැරදියි කියලයා. හැම මන්ත්‍රීවරයෙකුම, හැම රාජ්‍ය ඇමතිවරයෙක්ම, හැම ඇමතිවරයෙක් ම සාමූහිකව වැඩ කළ යුතුයි. සාමූහිකව ආණ්ඩු කෙරෙහි වගකියන්න ඕන. යමෙක් තවත් කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවයි. ඇඟ බේරගන්න තවත් එක් කෙනෙකුට චෝදනා කරන්න එපා’ යයි හෙතෙම එහිදී පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles