Friday, April 26, 2024

භූ දේශපාලන ධාරාව තුළ දියවී යන තුන්වන පාර්ශවය

උපතේ සිටම මනුෂ්‍යයා දේශපාලන සත්වයෙකු බව ඇරිස්ටෝටල් ප්‍රකාශ කරන ලද්දේ ශත වර්ෂ ගණනාවකට පෙරය. බලය ලබා ගැනීම, බලය තහවුරු කර ගැනීම සහ බලය ව්‍යාප්ත කිරීම සඳහා වන කාර්යයේදී මිනිස් සත්වයා සිය උපරිම ශක්තිය ඒ සඳහා යොදවනු ලබයි. ඒ වෙනුවෙන් කළ යුතු උපරිම දේ ද කරනු ලබයි.

මේ වනවිට ලෝක මූල්‍ය ආධිපත්‍යය අංක එක ලෙස තවමත් ඉදිරියෙන් සිටින්නේ අමෙරිකාවයි. ඔවුන්ගේ මූල්‍ය ආධිපත්‍යයට අභියෝගය කරමින් ජාත්‍යන්තර මුදල් ඒකකය වන ඇමරිකන් ඩොලරය නොතකා හැරීමට හා ඒ වෙනුවට වෙනත් මුදල් ඒකකයක් භාවිතට චීනය ප්‍රමුඛ ආසියානු කලාපීය රටවල් සැලසුම් කරයි.

කොවිඩ් වසංගතය හමුවේ වුවද මෙම මුල්‍ය බල අධිකාරිය ගොඩනැගීම උදෙසා චීනය සහ රුසියාව වැඩපිළිවෙළක් දියත් කරනු ලැබූ අතර පසුගියදා දෙරටේ රාජ්‍ය නායකයින් අතර පැයකට අධික කාලයක් මාර්ගගත සාකච්ඡාවක් ද පැවැත්විණ.

මෙම සාකච්ඡාවේ මූලික හරය වූයේ ඇමරිකාව, චීනය සහ රුසියාව අතර පවතින බල අරගලයේ දිසාව මෙන්ම මූල්‍යමය වශයෙන් ගොඩනැගී ඇති අර්බුදයට පිළියම් සෙවීමයි. දෙරට අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රටවල සහ රුසියාව අතර අර්බුදය වඩාත් තීව්‍ර තැනකට පත්ව ඇති පසුබිමකය.

වොෂින්ටනයේ අභියෝගයට මුහුණ දීමට බීජිං සහ මොස්කව් පාලනයට පවතින අභිලාෂය ඉදිරියට පැමිණි අවස්ථාවක් ලෙස මෙම සාකච්ඡාව හැඳින්විය හැකිය. තවත් අතකින් බැලුවහොත් දෙපාර්ශවයේම ආධිපත්‍යය සිය ආසන්න රටවලට පතුරුවාලීමේ අභිලාෂයක් ලෙස ද විග්‍රහ කළ හැකිය.

භූ දේශපාලනය තුළ එක් පාර්ශවයකින් නේටෝව සිය බලපරාක්‍රමය යුක්රේනය දෙසට යොමු කරන අතරේ ඒ සම්බන්ධයෙන් මොස්කව් පාලනය දැඩි විරෝධතාවක් දක්වයි. තායිවානය සහ හොංකොං සම්බන්ධයෙන් චීන ස්ථාවරය දෙස නිව්යෝර්ක් පාලනය ඇස ගසාගෙන සිටිමින් සිය අප්‍රසාදය පළ කරමින් සිටී.

මෙම ප්‍රබල රටවල් ත්‍රිත්වය විසින් සෘජුව සහ වක්‍රාකාරයෙන් සිය බලාධිකාරිය සෙසු රටවල පැතිරවීමට ක්‍රියාකිරීමේදී ඊට මැදිව සිටින අනෙකුත් රාජ්‍යයන් යුද බියෙන් ඇළලී යාම වැළකිය නොහැකිය. ඊට හේතු වන්නේ මෙම රටවල් තුන ආශ්‍රිතව කිනම් මොහොතක හෝ යුධ ගැටුමක් ඇතිවේ යැයි විචාරකයින්ගේ අවධානයට යොමු වීමයි.

කෝවිඩ් වසංගතය හමුවේ වුවද බීජින්, වොෂින්ටන් සහ මොස්කව් පාලනයන් ඉතාමත් උණුසුම්කාරී වී ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1944 වසරේදී Betton Wood සමුළුව හරහා ලෝකයේ පවතින මෙම මූල්‍ය පර්යායට ඉඩකඩ සැලසුණු අතර ජාතීන් අතර තුන්වන ලෝක සංග්‍රාමයක් ඇති නොවීම, මෙහි අභිප්‍රාය වුවද ඒ හරහාම නැවතත් ලෝකයේ බල අරගලයක් පැනනැගීම දෛවයේ සරදමකි.

Article by: Maalee Luviss Gebriel

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles