Tuesday, May 7, 2024

මහබැංකු අධිපතිට ආර්ථික විද්‍යාවෙ මූලික දැනුම වත් නෑ

මුදල් අච්චු ගැසීමෙන් රටේ ආර්ථිකය ගොඩගත හැකි යැයි සිතන මහබැංකු අධිපතිට ආර්ථික විද්‍යාවේ මූලික දැනුම වත් නොතිබෙන බව පෙන්නුම් කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි.

මුදල් අච්චු ගැසීම කළත් රටේ උද්ධමනය ඉහල නොයන බවට මහබැංකු අධිපති විසින් පැවසීම ඊට හොඳ  උදාහරණයක් බවද ප්‍රේමදාස මහතා කියයි.

ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට මේ රට තල්ලු කිරීමට මහබැංකු අධිපතිවරයා කටයුතු කරන බවත් ආණ්ඩුවේ අන්තනෝමතික තීරණ හේතුවෙන් රටම විනාශය කරා යන බවත් ඔහු පෙන්වා දෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනේදී ඔහු මේ බව පැවසුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles