Friday, April 26, 2024

පැරණි පාර්ලිමේන්තුවට ඩිජිටල් ප්‍රහාරයක්…!

ගෝඨාගෝගම අරගලකරුවන් විසින් ඉතා නිර්මාණශීලි ප්‍රහාරයක් ආණ්ඩුවට එරෙහිව දියත් කළ බව වාර්තා වේ.

එනම් ප්‍රක්ෂේපණ යන්ත්‍ර (Projectors) හරහා ප්‍රතිනිර්මාණිත ග්‍රැෆික් නිර්මාණයක් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත ප්‍රක්ෂේපණය කිරීමයි. ඒහි පරිමාණය හා විශාලත්වය අනුව (3D Mapping) එය කදිමට නිර්මාණය කර තිබිණ.

මෙය ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක අංශ විසින් බාධා කිරීම් හරහා අඩපණ කළද එහි ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍ය වෙතද නිකුත්ව තිබෙනවා.

මෙය චරිත රක්ෂිත අත්තලගේ සහ සංජය ප්‍රභාෂර ගුණවර්ධන යන මහතුන්ගේ නිර්මාණයක් ලෙස දැක්වේ.

සේයා රූ අයිතිය – තිළිණ කලුතොටගේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles