Sunday, April 28, 2024

පිරිමින් දෙදෙනෙක් අතර සමලිංගිකත්වය ඉක්මවා ගිය ආදරයක් තිබිය නොහැකිද?

විසාකේස චන්ද්‍රසේකරම් ගේ නවතම චිත්‍රපටය වන Fragipani සිංහල චිත්‍රපටය බොහෝ දෙනෙක් හඳුන්වන්නේ “සමලිංගික“ (Homosexuality) කථාවක් රැගත් චිත්‍රපටයක් කියන අච්චුවට දාලා. අනූව දශකයෙන් පස්සේ මේ සමලිංගික කතා පුවත් සහිත චිත්‍රපට ලෝකයට මැජික් වුනත් අද වනවිට ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ලතින් සිනමාව, ප්‍රංශ සිනමාව වගේ වෙනස් විදියේ නිර්මාණවලට අතගහන සිනමා සම්ප්‍රදායන් තුලදී සමලිංගිකත්වය පුළුල් මාතෘකාවක්. හැබැයි ලංකාවේ මේ වගේ චිත්‍රපටි රසවිඳින්න වෙන්නේ හැංඟිලා, ඒක තමයි යථාර්තය. මොකද මේවට ලංකාවේ අලවන ලේබලය “වැඩිහිටියන්ට පමණයි“ නිසා. ඒත් ඇත්තටම ලිංගිකව මුහුකුරා ගියපු වැඩිහිටියන්ට වඩා මේ දැනුම අවශ්‍ය වෙන්නේ නව යොවුන් පරපුරටයි.

පිරිමින් දෙදෙනෙක් අතර සමලිංගිකත්වයට එහා ගියපු ආදරයක්, සෙනෙහසක් තියෙන්න පුළුවන්ද? විෂම ලිංගිකයන් අතර ආදරය සාමාන්‍ය දෙයක් දැකීමත්, සමාන ලිංගිකයන් අතර ආදරය,සෙනෙහස සමලිංගිකත්වය කියන “කායික බැඳීමට“ විතරක් කොටුකරලා දාලා සමාජ අපවාදයකට ඇදලා දාන එක සමාජයේ පොදු දෙයක්. ඒත් පිරිමින් දෙදෙනෙක් අතරේ ආදරයක්, සෙනෙහසක් උපදින්න පුළුවන්. මොකද ඔවුන් මිනිස්සු නිසා. “ෆ්‍රැන්ජිපානි“ නරඹද්දිත් සමලිංගිකත්වයට කොටු වෙන්නේ නැතිව බලනවනම් මේ කියපු කාරණය ග්‍රහණය කරගන්න පුළුවන් වෙයි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles