Saturday, May 4, 2024

පූජිතට සහ හේමසිරිට චෝදනා 1728ක්!

අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කරන බවට තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මිනී මැරීම හා මනී මැරීමට තැත් කළ බව ඇතුළු චෝදනා 1728 ක් යටතේ නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇත.

දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 සහ 300 වගන්ති යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවරණ මෙම නඩු විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන්  ඉල්ලීමක් කළේය.

හිටපු පොලිස්පතිවරයාගේ හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නීතිවිරෝධී නොකරහැරීම හේතුවෙන් පුද්ගලයන් 275 කට ජීවිතවලින් වන්දි ගෙවීමට ද තවත් 500 කට බරපතල තුවාලවලට ලක්වීමට ද සිදුව ඇති බව නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාට පෙන්වාදී ඇත.

පුද්ගලයින් 275 ක් මරා දමන ලද බවට ද තවත් 500 කට බරපතල තුවාල සිදුකොට ඔවුන් මරාදැමීමට තැත්කළ බවට ද චෝදනා කරමින් හිටපු පොලිස්පති ජූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ  විශේෂ දැන්වීමක් ද ප‍්‍රදර්ශන කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles