Sunday, May 5, 2024

පූර්ණ එන්නත්කරණයට ලක් වූ ලොව හොදම රටවල් අතරින් ශ්‍රී ලංකාවට ලැබුණ තැන

කෝටි දෙකකට වැඩි ජනගහනයක් සිටින ලොව රටවල් 60ක් අතුරින් පූර්ණ එන්නත්කරණයට ලක් කළ රටවල් දහය අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇත.

ශ්‍රී ලංකාව මේ වන විට ජනගහනයෙන් සියයට 50ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති ශ්‍රී ලංකාව මෙම ලයිස්තුවේ දස වැනි ස්ථානයට පත්ව සිටින අතර ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටිනුයේ ස්පාඤ්ඤය, කැනඩාව, එක්සත් රාජධානිය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, අමෙරිකා එක්සත් ජනපදය, මැලේසියාව සහ ජපානය යන රටවල් පමණි.

එම රටවල් 9න් 7ක්ම ලොව විශාලතම ආර්ථිකයන් සහිත ජී-7ට අයත් රටවල් වේ. ඒ අතරිනුත් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව සහ ජපානය යන රටවල් පහ ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන රටවල් වේ. ස්පාඤ්ඤය 74%, කැනඩාව 69%, එක්සත් රාජධානිය 66%, ඉතාලිය 63%, ප්‍රංශය 62%, ජර්මනිය 62%, ඇමෙරිකා එක්සත් ජනපදය 54%, මැලේසියාව 53% සහ ජපානය 51% ලෙස එන්නත් සම්පූර්ණ කර ඇත.

දිනමිණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles