Monday, May 6, 2024

පෙරටුගාමීන් ජනපති සහ අගමැති හමුවන්නට ඉල්ලයි..

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට දේශපාලන සහ පුරවැසි නිදහස ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් ඒ පිළිබඳ සාකච්ඡාවක් සඳහා එම පක්ෂයේ නියෝජිතයින් පසුගිය බ්‍රහස්තපතින්දා ජනපතිවරයාට සහ අගමැතිවරයාට ලිපියක් යවා ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා කාලය ඉක්මවා ලංකාවේ රැඳී සිටීම නිසා කුමාර් ගුණරත්නම් මේ වනවිට රිමාන්ඩ් බාරයේ පසුවෙයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් මේ පිළිබඳව CIA වෙබ් අඩවියට අදහස් දැක්වූ එම පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා

“අපි පසුගියදා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිපි යවමින් ඉල්ලා සිටියා කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ දේශපාලනික සහ පුරවැසි අයිතිය වෙනුවෙන් සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය බව. මේ වනවිටත් අගමැති කාර්යාලයෙන් සාකච්ඡාවට අවස්ථාව ලබාදිය හැකි බවට දන්වා තිබෙනවා, නමුත් ජනපතිවරයාගේ පාර්ශවයෙන් තවමත් මේ සඳහා යහපත් ප්‍රතිචාර ලැබී නෑ“

මෙම හමුවේ අරමුණ කුමාර් ගුණරත්නම් සම්බන්ධ ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීම පමණක්ද යන්න විමසා සිටි අවස්ථාවේ පුබුදු ජයගොඩ මහතා පවසා සිටියේ

“අපිට සාකච්ඡා කරගන්නට අවශ්‍යයි ඇයි කුමාර් සහෝදරයට දේශපාලනය කරන්නට අවස්ථාව නොදෙන්නේ කියලා, ඒ වගේම මොන පදනමකින්ද ඔහුට දේශපාලන සහ පුරවැසි අයිතිය ලබානොදෙන්නේ කියලා..ඔහු ක්‍රියාකාරී දේශපාලන පක්ෂයක ප්‍රධාන පුද්ගලයෙක් නිසාවෙන් මේ සඳහා ජනපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මැදිහත්වීම අත්‍යවශ්‍යයි..“

පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට තුඩුදුන් කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට විරෝධතාවය පලකරමින් විරෝධතා පවා පැවැත්වූවද තවමත් රජයේ පාර්ශවයෙන් ඒ පිළිබඳ කිසිඳු පියවරක් ගෙන නොමැත.

ජනරඟ දේවසුරේන්ද්‍ර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles