Monday, May 6, 2024

ජ.වි.පෙ ලොක්කන් දෙදෙනෙක් ලඟදීම ලොකු පිම්මක

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය නිසා කලකිරීමට පත්වී සිටින ප්‍රබල චරිත දෙකක් ලඟදීම තමන් සමග එක්වන බව ජනතා සේවක පක්ෂයේ නායක සහ හිටපු ජ.වි.පෙ නායක සෝමවංශ අමරසිංහ මේ ඉරිදා “දේශය“ පුවත්පතට ප්‍රකාශ කර ඇත.

මේ වනවිටත් අදාල ප්‍රබල සාමාජිකයන් දෙදෙනා සමග සාකච්ඡා සිදුවන බවත්, නොබෝ දිනකදී ඔවුන් තමන් සමග එක්වන බව පැවසීය. එසේම ජනතා විමුක්ති පෙරමුණ තුල අර්බුද ඇති කරන්නේ කව්ද යන්න නම් ගම් ඇතුවම හෙළිකිරීමට නුදුරු දිනකදී බලාපොරොත්තු වන බවයි.

ආණ්ඩුව මේ වනවිට පාර්ශව කීපයකට බෙදී දැඩි අර්බුදයක සිටින නිසා තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි තත්වයක් උදාවී ඇති බවත් එයින් විපක්ෂය වහාම ප්‍රයෝජන ගතයුතු බවත් හෙතෙම පැවසීය.

සෝමවංශ අමරසිංහ මහතා පසුගිය දිනක හිටපු ජ.වි.පෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සමග එක්ව ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles