Monday, May 6, 2024

“යහපාලනය දැන් කුඩුපට්ටම් වෙලා“ – නිමල් සිරිපාල

යහපාලනය කරපින්නාගෙන පැමිණි සම්මුතිවාදී ආණ්ඩුව විසින්ම දැන් යහපාලනය කුඩු පට්ටම් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

අපි ආණ්ඩුවට එකතු වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමටයි, අපිට අවශ්‍ය වුණේ මේ රටට සේවයක් කරන්න මිසක් තනතුරු, වරප්‍රසාද ගන්න නෙවෙයි. ඒත් ඇමති තනතුර ගත්ත දවසේ ඉඳන් මට වෙලා තියෙන්නේ එ.ජා.ප වෘත්තීය සමති වලට ඕන විදියට වැඩ කරන්න.

අපි පත්වෙලා ඉන්නේ එ.ජා.ප වෘත්තීය සමිතිවලට ඔළුව පාත්කරගෙන ඉන්න නෙවෙයි. ඒ නිසා මටත් තීරණයක් අරගෙන ජනපතිතුමාට දන්වලා ඇමති තනතුර අතඇරලා විපක්ෂයට යන්න වෙන තත්ත්වයක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ.

ෆේස්බුක් මුලාවට අහුවෙලා මහින්ද රාජපක්ෂ පරාජයට පත්කරලා ගෙනාපු යහපාලනය දැන් සම්පූර්ණයෙන්ම කණපිට පෙරලිලා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles