Thursday, May 9, 2024

මධ්‍යම අධිවේගී මාර්ගයේ පැය 12 ක ආදායම ලක්ෂ 28 ක්

පෙරේදා විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ ඊයේ දහවල් 12.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ වාහන ගමනාගමනයෙන් ලක්ෂ 28 කට වැඩි ආදායමක් ලැබී තිබෙනවා.

වාහන 13,583 ක් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ගාස්තු අය කිරීමෙන් අනතුරුව ගමන් කර ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ඊයේ දහවල් 12.00 දක්වා නොමිලේ ගමන් කිරීමට අවස්ථාව හිමිවූ අතර, ඉන් අනතුරුව මෙලෙස ගාස්තු අය කරනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles