Friday, May 3, 2024

මම රංගනයෙන් සමුඅරන් නෑ – මට එහෙම අදහසකුත් නෑ

අපේ කළා ලෝකයට දවසින් දවස විවිද රංගන ශිල්පිනියන් එකතු වෙනවා ඒ වගේම එක් වරම ජනප්‍රිය රංගන ශිල්පිනියන් පෙන්නේ නැතිව යනවා, ඉතින් ඒ විදියට එක්වරම කළා ලොවෙන් නොපෙනී ගිය රංගන ශිලිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. කාලයක් පුංචි තිරයට නැතිවම බැරිවුණ මේ දඟකාර කටකාර පුංචි කෙල්ල මේ වනවිට අත්දැකීම් සමඟින් මුහුකුරා ගිය ආදරණීය තරුණ බිරියක් සහ මවක් ඒ වගේම ඇය මේවනවිට විවාහ වෙලා වසර 11කට අධික කාලයක් වෙනවා. මේවනවිට අලුත් කලා නිර්මාණවලින් ප්‍රේක්ෂකයන්ට හමු නොවුණත් ඇයට තවමත් ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරෙයි. ඉතින් හැමෝම ආදරේ කරන වත්සලා කලාවෙන් සමුගෙනද කියලා අහපු පැනයට ඇය දුන්නේ මේවගේ පිළිතුරක් ”මම රංගනයෙන් සමුඅරන් නෑ. මට එහෙම අදහසකුත් නෑ. මේ දවස්වල රටේ ප්‍රශ්න නිසා තමයි අලුත් වැඩක් කලේ නැත්තේ, අනික මට දැන් බබෙක් ඉන්න නිසා එයගනත් ටිකක් හිතන්න ඕන හැබැයි හොඳ වැඩක් ලැබුණොත් ඉදිරියෙදි මාව ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙයි.” කියලයි.

දැන් වත්සලා සැමියා සමග ගත කරන්නේ ගොඩක් සුන්දර ජීවිතයක් ඉතින් ඇය ඒ ජීවිතය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”දෙයියන්ගේ පිහිටෙන් මේ ජීවිතේ ලැබෙන්න ඔන්න හැම දෙයක්ම මට දැන් ලැබිලා තියෙනවා. ගොඩාක් ලොකු බලාපොරොත්තු මගේ ළඟ නෑ. මට හැමදාම සතුටින් ඉන්න තියෙනවනම් එච්චරයි ඒ වගේම මගේ දරුවගේ අනාගතය තමයි සම්පූර්ණ කරන්න තියෙන්නෙ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles