Wednesday, May 15, 2024

මහජන අදහස් සැලකිල්ලට ගනිමින් නව ව්‍යවස්ථාවක්

ලැබී ඇති මහජන අදහස් සැළකිල්ලට ගනිමින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබද ඉදිරි කටයුතු කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා පවසන්නේ මහජනතාවගේ කැමැත්ත අනුව මිස ඉන් බාහිරව කිසිදු කටයුත්තක් කිරීමට රජය සූදානම් නොමැති බවයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මේ බව අවධාරණය කළේ අද පස්වරුවේ ගාල්ල, විද්‍යාලෝක මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති පුණේ‍යා්ත්සවයකට එක්වෙමිනි.
අදාළ නිවේදනය පහත පරිදිය –
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම තුළින් මේ රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩත්වය සහ ජනතාවගේ නිදහස මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තව තවත් ශක්තිමත් කිරීම මිස කිසි ලෙසකින් අවුල් සහගත වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම රටට සුදුසු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදුන්වාදීම නීති විශාරදයින්, දේශපාලනඥයින් ඇතුඑ සියලූ දෙනාගේම වගකීමක් බව ද ජනාධිපතිතුමා පැවසීය.
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබද පමණක් නොව රජයේ සියලූ කටයුතු පිළිබද නිදහස් මාධ්‍ය තුළ විවිධ නිදහස් අදහස් පළවන බව මෙහිදී පැවසු ජනාධිපතිතුමා ඒවා ඇතැම් විට පුදුම සහගත බවත් ජාතියේ යහපත උදෙසා විනා ජාතියේ විනාශය උදෙසා අන්තර්ජාලය ඇතු`එ විවිධ මාධ්‍යයන් භාවිතා කිරීමට කටයුතු නොකළයුතු බවත් කියා සිටියේය.
ති‍්‍රවිධ හමුදාවල සේවය කරමින් වයස අවුරුදු 42- 43 වන විට එනම් රට වෙනුවෙන් හොදම සේවාවක් ඉටු කිරීමට හැකි අවධියක විශ‍්‍රාම ලබන්නන්ට තම දැනුම, හැකියාව සහ නිර්මාණශීලිත්වය තව තවත් රට වෙනුවෙන් ලබාදීමට අවස්ථාව සළසා දෙමින් ජාතික සංවර්ධන සංචිතයක් ස්ථාපිත කරීමේ වැඩපිළිවෙලක් දිවයිනේ පළමු වරට කි‍්‍රයාවට නැංවීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා පැවසීය.
තමන් කැමති නම් පමණක් එම සංචිතයට ඇතුළත් වී රාජ්‍ය ආයතන සමග සම්බන්ධවෙමින් ජාතික සංවර්ධන වැඩපිළිවෙල හා දායකවීමට හැකි බව  පැවසූ ජනාධිපතිතුමා රට තුළ විවිධ ක්ෂේත‍්‍රයන්හි පවතින මානව සම්පත් හිගයට එය විසදුමක් වනු ඇති බවද පැවසීය.
වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර සැමරුම් දිනයක් බවට එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කිරීමත් සමග 2016 ජාත්‍යන්තර වෙසක් පොහෝ දිනය තායිලන්තයේ දී සැමරූ අතර එය ලබන වසරේදී ශී‍්‍ර ලංකාවේ දී සැමරීමට නියමිත බවත් එම උත්සවය අන්තර්ජාතික බෞද්ධ උළෙලක් ලෙස අති උත්කර්ෂවත් අන්දමින් ශී‍්‍ර ලංකාවේදී සැමරීම සදහා අවශ්‍ය මූලික සංවිධාන කටයුතු ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මගපෙන්වීම මත මෙම අවස්ථාවේ සිටම කි‍්‍රයාවට නංවන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles