Wednesday, May 15, 2024

ලන්ඩනයේ කොටස් වෙළෙඳ පොළ පහතට

 

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට එරට බහුතර ජනතාව තීරණය කරද්දී ලන්ඩනයේ කොටස් වෙළෙඳ පොළ සැළකිය යුතු අයුරින් පහත වැටෙනු දක්නට ලැබුණි.වෙළෙඳාම ආරම්භ වූ විනාඩි කිහිපය තුළ වෙනත් උදෑසනයන්ට වඩා 8% කටත් වඩා වැඩි අගයකින් එෆ්.ටී.එස්.ඊ 100 දර්ශකය පහත වැටුණු බව වාර්තා විය.

බැංකු සම්බන්ධයෙන් ද දක්නට ලැබුණේ එවන්ම තත්ත්වයකි.බාර්ක්ලේස් සහ ආර්.බී.එස් 30% ක පමණ පහළ යාමක් පෙන්නුම් කෙළේය. මේ අතර පවුමක අගය ද වාර්තා ගත ලෙස පහළ යාම ආරම්භ වූයේ ජනමත විචාරණ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වීමත් සමඟය. එක් අවස්ථාවක පවුමේ අගය ඩොලර් 1.3236 ක් ලෙස සටහන් විය.එට 1985 වසරට පසු වාර්තා වූ අවම අගය ලෙස වාර්තා වේ. බලාපොරොත්තු නොවූ ජනමත විචාරණ ප්‍රතිඵල හමුවේ මෙම වාර්තා ගත වෙනස් වීමට ලක් වන බව විශ්ලේෂකයෝ සඳහන් කරති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles