Sunday, May 5, 2024

යාපනයට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයක්

මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතියේ හා යාපනය මහ නගර සභාවේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද යාපනය ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානය පසුගියදා විවෘත කරන ලදී.

කැළිකසළ විධිමත් පරිහරණය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් යාපනය මහ නගර සභාව සමග ඒකාබද්ධව මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානය ඉදිකිරීමට පියවර ගන්නා ලදී.

මෙම ස්ථානයට ගෙන එනු ලබන භාවිතයෙන් පසු ඉවතලන පොලිතීන්, ප්ලාටික් ද්‍රව්‍ය නිසි ප්‍රමිතිකරණයන් යටතේ පිරිසුදු කර, යන්ත්‍රානුසාරයෙන් පොලිතීන් කැට බවට පත්කරමින් යළිත් නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස නිෂ්පාදනය කරනු ලබයි. එමඟින් බාහිර පරිසරයට මේවා එකතු වී පරිසරය දූෂණය වීම වැළැක්වීමත් සමග අපද්‍රව්‍ය මුදල් උපයන භාණ්ඩයක් බවටද පත් කිරීම සිදුවේ.

මෙම සමස්ත ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් මිලියන 11ක් වන අතර, පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 08ක්ද, යාපනය මහ නගර සභාව මගින් රුපියල් මිලියන 03ක් වැය කර ඇත.

පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සඳහන් කරන පරිදි මේ වනවිට මෙවැනි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථාන කිහිපයක්ම බළන්ගොඩ, කුරුණෑගල, අනුරාධපුර, කඩුවෙල, නුවරඑළිය, මහනුවර හා මාතර යන නගර සභා ආශ්‍රිතව ඒවා ස්ථාපිත කර ඇති අතර, පසුභාවිත පොලිතීන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන ශ්‍රීපාදය ආශ්‍රිත නල්ලතන්නිය, වාරියපොළ හා ගල්ගමුව යන ප්‍ර‘දේශ ආශ්‍රිතව ඉදිකොට ඇත.

north 1

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles