Thursday, May 2, 2024

මියන්මාරයේ හිටපු ජනපති ජුන්ටා අධිකරණයේ

පසුගිය පෙබරවාරියේ හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කළ මියැන්මාරයේ හිටපු ජනපතිවරයා ජුන්ටා අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.හිටපු ජනපති වින් මීන්ට් හට එරෙහිව හමුදා ජුන්ටාව විසින් රාජ්‍ය ද්‍රෝහිත්වය සහ පෙළඹවීම ඇතුළු චෝදනා ගණනාවක් නගා තිබේ.

ඔහු පසුගිය පෙබරවාරියේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනුණේ හිටපු ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකී ද සමග ය.

අධිකරණය ඉදිරියේ පෙනී සිටි ඔහු, කුමන්ත්‍රණයේ පළමු පැය කිහිපයේදී සිදුවූ දේ ද හෙළි කළේය. එහිදී හමුදා ජුන්ටාව විසින් ඔහුට කියා තිබෙන්නේ ජීවිතය බේරාගැනීමට අවශ්‍ය නම් ධුරයෙන් ඉවත් වන ලෙස ය.

හිටපු ජනපති වින් මීන්ට්, අවුන් සාන් සුකී ගේ දීර්ඝකාලීන සගයෙකු සේ සැලකේ.

තවද ඔහුගේ පාලන සමය සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදය අගය කළ යුගයක් සේ ද සැලකිණි.

මියැන්මාරයේ ‘ජුන්ටාව‘ නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘රාජ්‍ය පරිපාලන කවුන්සිලය‘ යනුවෙනි. ඔවුන් විසින් සුකී නායකත්වය දරන NLD හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජාතික ලීගය විසුරුවා හරින බවට තර්ජනය කළ බව ද සඳහන් ය.

මේ අතර අවුන් සාන් සුකී ද මේ මාසය අග දී ජුන්ටා අධිකරණය ඉදිරියට කැඳවීමට නියමිත ය.

අමාලි ජයවීර https://outboundtoday.com

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles