Tuesday, April 30, 2024

මිල්කෝ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ ලංකා පොහොර සමාගමෙි සභාපති ධූරයට පත් කරයි

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.

ඒ මහතා මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

එතෙක් පාඩු ලබමින් තිබූ මිල්කෝ ආයතනයට නව නිෂ්පාදන කිහිපයක් ම හඳුන්වා දෙමින්, ඔහු ආයතනයේ ආදායම් තත්ත්වය ඉහළ දැමීම සඳහා අගනා කළමනාකරණ මූල්‍ය උපායන් භාවිත කළ බවටයි ආර්ථික විශේෂඥයින් පවසා සිටියේ.

කෙසේවෙතත්, ආයතනය ලාබ ලබන තත්ත්වයට ගෙන ආ සභාපතිවරයා හදිසියේ මාරු කිරීමට රජය තීරණය කළ අතර, එයට එම ආයතනයේ සේවකයින් සහ මිල්කෝ ආයතනයට කිරි සපයන කිරි ගොවීන් පවා විරෝධය පළ කළා.

කෙසේවෙතත්, ඊයේ (20) සවස මිල්කෝ ආයතනයේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා වෙත පිරිනැමීමටයි කටයුතු කෙරුණේ.

ඉන් අනතුරුව ලසන්ත වික්‍රමසිංහ අද දින ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙසින් පත් කර ඇති අතර, ඔහුට එම තනතුරත් සමග භාරදූර ඉලක්ක කිහිපයක් ම සපුරාලිය යුතු ව තිබෙනවා.

ඒ රජයේ කාබනික කෘෂි ආර්ථික රටාව සංවර්ධනය කිරීමේ කාර්යභාරයෙහි ලා ලංකා පොහොර සමාගමට විශාල වගකීමක් පැවරී තිබීම හේතුවෙන්.

වෘත්තීය ඩිජිටල් අලෙවිකරණ උපදේශකවරයෙක්, මාර්ගගත අලෙවිකරණ, ඊ-වාණිජ්‍යය සහ නවෝත්පාදන තාක්‍ෂණයට සම්බන්ධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයකු ද වන ලසන්ත වික්‍රමසිංහ මෙරට ප්‍රසිද්ධියක් උසුලන පෞද්ගලික ව්‍යාපාර රැසක ද නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ධුර හොබවනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles