Friday, May 10, 2024

මෙරටට ආනයනය කරන ඉන්ධන තත්වයෙන් බාලයි – ගැමුණු විජේරත්න

මෙරටට ආනයනය කරන ඉන්ධන තත්වයෙන් බාල ඒවා බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

ඩීසල් යොදන ලද බස් රථ ගණනාවක් මහ මග අතර මග නතර වී ඇති බවත් මේ සම්බන්ධයෙන් තමන් පොලීසියට පැමිණිලි කළ බවත් ඔහු පැවසීය.

මෙරට ඩොලර් හිඟය හේතුවෙන් ආනයනය කරනු ලබන්නේ බාල ඉන්ධන බවත් මෙම ඉන්ධන භාවිතා කරන වාහන දෝෂයන්ට ලක්වන බව කියා සිටී.

එමෙන්ම මෙම ඉන්ධන දහනය වන ප්‍රමාණය ද ඉතා ඉහළ බව ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles