Monday, April 29, 2024

මෙරටට පැමිණි අමෙරිකානු සංචාරකයෙකු ආපසු හැරී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්

ශ්‍රී ලංකාවට පැමිණි අමරිකානු සංචාරකයෙකු අපහසුතාවට පත්ව ආපසු හැරී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

පසුගිය 07 වෙනිදා මෙරටට පැමිණ ඇති අදාළ සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණි තමන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම සහ සිය නියෝජිත ආයතනය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා පැය 05 ක කාලය තුළ ආපසු හැරී ගිය බවට සදහන් කර තිබෙනවා.

ඔහු කළ සිදුකර ඇති මෙම ප්‍රකාශය මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය වෙමින් ද පවතිනවා.

ඒ අනුව ප්‍රසන්න රණතුංග මහතා විසින් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනියට උපදෙස් දි ඇත්තේ මේ පිළිබද පුළුල් විමර්ශනයක් සිදුකර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසයි.

මේ වන විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කෙරෙන බවද සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles