Friday, April 26, 2024

මේ යන විදියට ගියොත් මැයි මාසයේ රටම අඳුරේ! – රනිල්

රටේ බහුතරයක් ජනතාවට තවමත් රට තුළ ඇති දරුණු තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැති බව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති දුමින්ද හුලංගමුව පවසනවා.

කඩිනමින් පියවර නොගත හොත් ජුනි මාසයෙන් පසු රටම අඳුරේ සිටීමේ දැඩි අවදානමක් ද මතුව ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන සතියේ සාකච්ඡා ආරම්භ නොකළ හොත් මූල්‍ය උපදේශකයෙකු පත්කර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන එක කඩිනමින් සිදු කිරීමට නොහැකි වන බවයි ඔහු සඳහන් කළේ.

එසේම ජුලි මාසයේ අමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ගෙවිය යුතුව ඇති බවත් එය ගෙවීමට සිදු වන්නේද රට තුළ පවතින සංචිතවලින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේද ඊට සමාන අදහසක්. ඔහු පසුගිය දෙවසර තුළ පළකළ සියලු අනාවැකි මේ වන විට සත්‍යය සිදුවීම් බවට පත්ව හමාර මොහොතක,

පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් එළෙඹන මැයි මස මැදභාගය වනවිට ආහාර හා ඉන්ධන සපයා ගැනීමට දැඩි දුෂ්කරතාවක් ඇතිවිය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ සඳහා අවශ්‍ය විදේශ මුදල් සොයාගැනීම පවතින ජනතා ගැටළු විසඳීම සඳහා කළ යුතු ප්‍රධානතම කාර්යයක් වන බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ක්‍රියාත්මක වන තෙක් අවශ්‍ය විදේශ විනිමය සපයා ගත හැකි ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී ඔහු සඳහන් කළා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් වන තුරු ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව යම් සහනයක් ලබාදීමට එකඟතාව ඔවුන් ප්‍රකාශ කළ බවයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles