Wednesday, May 1, 2024

මෛත්‍රීගේ කොන්දේ තරම පෙන්වූ Jiffy

පසුගිය 13 දා සිදුවී සිදුවීම් දාමය සමගම මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට Jiffy ආයතනයේ කළමණාකාරිත්වය පෙන්වා දුන්නේ පරිසර අමාත්‍යවරයා වන ජනපතිගේ බලය හමුවේ තම ආයතනයට එරෙහිව කලහැකි යමක් ඔවුන් සතුව නොමැති බවයි. එ නිසාවෙන් පොල් කෙන්දක් තරම්වත් කොන්දක් නැතිව ජනපතිවරයා දැදුරු ඔයට සිදුවන හානිය අමතක කර Jiffy සමාගම නිර්දෝෂී කරන්නට යන බව මේ සිදුවීමෙන් පෙනෙන්ට ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ කණ්ඩායමක් පසුගිය 13 දා අදාල Jiffy සමාගමේ අපද්‍රව්‍ය බැහැර කිරීම සහ නිෂ්පාදන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමට හදිසි විමර්ශණයක් සඳහා ගිය නමුත් අදාල සමාගමේ කළමණාකාරිත්ව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට ආයතන පරිශ්‍රයට හෝ ඇතුල් වන්නට නොදුන්නේ මධ්‍යම පරිසර අධිකාරියට තම ආයතනයට ඇතුල්වීමට බලයක් නොමැති බවත්, මධ්‍යම පරිසර අධිකාරිය තිබෙන්නෙත් ජනපතිගේ යටතේ පරිසර අමාත්‍යංශයටම නිසා එසේ ඇතුළුවීමට ඉඩක් නොදෙන බවයි.

රාජපක්ෂ රෙජීමය සමයේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ මැදිහත්වීම යටතේද මෙසේම පරිසර අධිකාරියේ නිලධාරීන්ට Jiffy ආයතනයට ඇතුල් වන්නට අවස්ථාව නොලැබිණි.

ඉන් අනතුරුව මේ නිලධාරීන් කොබෙයිගනේ පොලීසියේ සහය පැතුවද අදාල සමාගමේ හෙන්චයියන් ලෙස නටන කොබෙයිගනේ පොලීසිය පවසා ඇත්තේ තමන්ට කලහැකි යමක් නැති බවයි. පසුව අදාල නිලධාරීන් කුරුණෑගල පරිසර අධිකාරී කාර්යාලයට ගොස් ඇත. මින් පෙර සොබාදහම් සහ පරිසර අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදීන් දැදුරු ඔය ආසන්නයේ සමීක්ෂණ කටයුතු වල නිරතවන විටද බාධා කරමින් අත්අඩංගුවට ගෙන කැමරා අාම්පන්නද සන්තක කරගැනීමට උත්සහ දැරුවේද මෙම කොබෙයිගනේ පොලිස් නිලධාරීන්මය.

jiffy ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානියා වන සදීප්ත ගම්ලත්, සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් ගේ සහෝදරයෙක් වන අතර ඔහු පැවති රාජපක්ෂ පාලන සමයේ එම ආයතනයට පැමිණි නඩු ගණනාවක් යටගසා ඇත. පසුගිය දිනක සූජීව සේනසිංහ මහතාට, සහ වයඹ මහඇමතිවරයාට මාධ්‍යවේදීන් කීපදෙනෙක්ට Jiffy ආයතනය විසින් එම ආයතන පරිශ්‍රයට සුහද චාරිකාවකටද ආරාධනා ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles