Monday, April 29, 2024

සුබ මංගලම් විමල් – අමා !

ප‍්‍රවීණ කලාකරුවන් දෙපලක් වන ලක්ෂ්මන් විජේසේකර සහ චන්ද‍්‍රා කළුආරච්චි ගේ එකම දියණිය වූ ප‍්‍රථිභාපූර්ණ සම්මානණීය රංගන ශිල්පිණි අමා විජේසේකර, ප‍්‍රවීණ මාධ්‍යවේදියෙකු, සාහිත්‍යධරයෙකු, කවියෙකු වන විමල් කැටිපෙආරච්චි සමග පෙරේදා (14) සුබ මොහොතින් යුගදිවි ගමන් ඇරඹීය.
අමා මෙන්ම විමල් ද ක්‍ෂෙත‍්‍රයේ කාගෙත් ආදරය ගෞරවය දිනා සිටින දෙපළකි. ඔවුන්ගේ විවාහෝත්සවය ඉතාමත් චාම් සොඳුරු බර විය.
පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ තේමා ගීතය වන ” රටකට ඕන අපමණ අගයක් – හෙටකට ඕනා මෛත්‍රී යුගයක්” ගීතය රචනා කල විමල් කැටිපෙආරච්චි, මේවනවිට ‘සත්හඬ’ ජාතික පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයකු ලෙස කටයුතු කරයි.
අමා ට සහ විමල් ට අපේ සුබ පැතුම් !
(ඡායාරූප -විශ්වනාත් තේනුවර )

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles