Wednesday, May 1, 2024

දේශපාලන අම්මණ්ඩි ඇමතිගේ රෙදි ගලවයි

රටම විතරක් නොව ලෝකයම දන්න ලංකාවේ දේශපාලන අම්මණ්ඩි කෙනෙක් පසුගිය දවසක ඇමති කෙනෙක්ගේ රෙදි ගලවන්නට වැඩකල බව CIA වෙත සැණින් වාර්තා විය. මේ දේශපාලන අම්මණ්ඩි කාලයක් තිස්සේ රට කෑ අම්මණ්ඩි කෙනෙක් වගේම එක එක වංශෙන් කුලී වාහෙලා තියාගෙන සැප ගත්ත අම්මණ්ඩි කෙනෙක් බව සුප්‍රකටය.

මේ අම්මණ්ඩිට සැප සම්පාදනය කල ලෝකයටම සූර, ක්‍රීඩාවට සම්බන්ධ ( කටින් නම් අංක එකේ සුචරිතවාදියෙක් වන) අැමති කෙනෙක් පහුගිය දිනක නාඹර ගැටිස්සියකට ජීවිතයේ සුන්දර සැප ඇති තැන් පෙන්නන්ට කියා රහසේම කොළඹ තරු පන්තියේ හොටලයකට පැමිණ ඇත. බෙහොම රහසිගතව මේ සැප සංචාරයට ඇමතිතුමත් අර නාඹර ගැටිස්සියත් පැමිණිය නමුත් ඇමතිගේ සැප නිසා ටයිට් වී සිටි දේශපාලන අම්මණ්ඩිට මේ ගැන සැල විය.

විනාඩි ගණනකින් අදාල හොටලයේ ඇමති සහ තරුණිය බට්ටෝ පනිමින් සිටි කාමරය අසලට පැමිණි අම්මණඩි සුද්ධ සිංහල, පාලි සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ඇමතිගේ මව් දෙමව්පියන් සිහිකර උත්සහ කර ඇත්තේ ඇමති කාමරයෙන් එලියට ගෙන හොම්බට දෙකක් ඇනීමටය. එහෙත් අන්ත සුචරිතවාදී ඇමතිතුමා එළියට පැමිණ නැත්තේ ආවානම් තමන්ගේ අහවල් එකත් අර දේශපාලන අම්මණ්ඩි ගලවන බව දන්නා නිසාය.

කෙසේ වෙතත්  අදාල තරු පන්තියේ හොටලයේ නමට කැලළක් වන නිසා සහ ප්‍රබල දේශපාලන චරිත මෙසේ ප්‍රසිද්ධියේ චාටර් වීම පුවත් මවන සිද්ධියක් නිසා යන්තම් අම්මණ්ඩිගේ කටවසා හොටලයෙන් එළියට ගෙනයාමටත්, ඇමතිට ආරක්ෂාව සැපයීමටත් සමත්විය. වැඩේ එසේ වූවාට CIA සංවේදනයෙන් ගැලවෙන්නට අම්මණ්ඩිලාටවත්, සුචරිතවාදී සූර ඇමතිලාටවත් බැරිය.

 

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles