Monday, May 6, 2024

යුක්රේනයට රුසියානු ප්‍රහාරයක් එල්ලවීමේ අවධානම තවමත් පහව ගොස් නෑ – බයිඩ්න්

යුක්රේනයට රුසියානු ප්‍රහාරයක් එල්ලවීමේ අවධානම තවමත් පහව ගොස් නැතැයි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

එවැනි තත්වයක් උදාවුවහොත් ඇමරිකාව සුදුසු තීරණයක් ගෙන ප්‍රතිචාර දක්වන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

යුක්රේන දේශ සීමාව ආසන්නයේ ස්ථානගත කර තිබූ සෙබලුන් අතුරින් කොටසක් ඉවත් කරගත් බව රුසියාව ඊයේ නිවේදනය කළා.

කෙසේ වෙතත් එය මෙතෙක් තහවුරු කල නොහැකි බවයි ඇමරිකා ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ඇමරිකා බුද්ධි අංශ මීට පෙර අනාවැකි පළකර තිබුණේ අද දිනය වනවිට රුසියාව විසින් යුකරේනය ආක්‍රමණය කරනු ඇති බවටයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles