Sunday, April 28, 2024

රනිල් ගේ කතාවේ පිටුපස්ස – විශේෂ ලියුම්කරුවෙකු විසිනි

මේ කතාව රනිල් වික්‍රමසිංහ ගැන නොවේ. පුද්ගලයෙකුගෙන් ඔබ්බට ගිය ඛේදවාචකයක කතාවයි. මෙය කොටස් දෙකකින් සමන්විතයි.

  1. මේ රටේ කිසිවකුගේ වෛරයට ක්‍රෝධයට ඊර්ෂ්‍යාවට ද්වෙෂයට හෝ විවේචනයකට ලක්නොවූ විශ්ව විද්‍යාල මහාචාර්යවරියක සිටීනම් ඒ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය බව කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි. කිසිදු මාධ්‍ය ප්‍රචාරණය කින් තොරව ළමා නිවාසවල දරුවන් සිය ගණනකගේ මවක් වූ එතුමිය අවාසනාවන්ත ලෙස රෝගාතුරව සිටින මොහොතක කූඹියෙකුට වත් කරදරයක් නොකළ එතුමියගේ නිවස ගිනි තබා විනාශ කළ ආලපාලු දේශපාලනඥයන්ට සහ මාධ්‍යවේදීන්ට යහපත අත්විය යුතුද?
  2. ජූලි මස නම වන දින පක්ෂ නායක රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුකූලව නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීම අවස්ථාව එළඹෙන මුල් දිනයේදීම පැවැත්වීමට සහ ඔහු අගමැති කමින් ඉවත් වීමට සූදානම් බව ය,
    සාකච්ඡාව හමාර කොට එළියට ඒමටත් පෙර රවුෆ් හකීම්ගෙ tweet පණිවිඩයේ ප්‍රචාරණය කළේ රනිල් වික්‍රමසිංහ ඉවත් වීමට සූදානම් නොමැති බවයි. ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ tweet පණිවිඩයේ සඳහන් කළේ නිල් වික්‍රමසිංහ සහ අලි සබ්රි යන දෙදෙනා නව ආණ්ඩුවක් පිහිටුවීමට විරුද්ධ වූ බවයි. නමුත් හර්ෂ සිල්වා එම රැස්වීමට සහභාගි වූ අයෙකු වත් නොවූයේය. ඔවුන් දෙදෙනාම සිරසට පාර කියා දුන්නේ ය. වහාම මාධ්‍යවේදීන් හත්දෙනෙකු රනිල් ගේ නිවසට යැව්වේය. ආරක්ෂක භටයන් හා ගැටෙන්නට උපදෙස් දුන්නේය. සජීවීව අරගලයේ සිටි මිනිසුන්ට නිවසට එන්නට කීවේය. ඔවුන් එතනට එන විට පෙට්රල් භූමි කිහිපයක් එතැන සූදානම්ව තිබුණි. සිරසේ කොන්තරාත්තුව හකීම් සහ හර්ෂ අපූරුවට ඉටු කළේය. විනාඩි කිහිපයකින් නිවස සමග ලංකාවේ තිබූ විශාලතම පෞද්ගලික පුස්තකාලය ගිනි පත් වූයේය. ප්‍රභාකරන් වත් නොකෙරූ ගණයේ කූර අමානුෂික තුච්ච පාහර වැඩක් කළ උන් කවුද?
  3. හර්ෂ යනු යන එන මං නැතිව ආර්ථිකය ගැන නන්දොඩවන යුගයෙ රනිල් විසින් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ගෙන ආ අයෙකි. රනිල් අගමැති වූ විට 2015 ඔහුගේ රාජ්‍ය ඇමතිවරයා බවට ද පත් කළේය. හොඳින් කෘතගුණ දන්නා උගතෙක් බව දැන් පැහැදිලිය.
  4. රවුෆ් හකීම් යනු රනිල් විසින් ඔහුගේ ආණ්ඩුවේ අමාත්‍යවරයකු ලෙස දෙවතාවක් පත් කරගත් අයෙකි. දෙදාස් දහයේ රනිල්ගේ පක්ෂයෙන් තරග ආසන හතක් ලබාගෙන 18 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට තුනෙන් දෙක ලබාදුන් තැනැත්තාය.
  5. පළාත් සභා මැතිවරණ පනත සහ පළාත් පාලන මැතිවරණ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමේදී කාරක සභා වස්ථාව පළාත් සභා සංයුතිය 70/30 අනුපාතය 60/40 අනුපාතයට වෙනස් කොට රනිල්ව අමාරුවේ දැමූ අයෙකි.
  6. ඒ අතීතය අපි මුළුමනින්ම අමතක කර දමමු. පරම්පරා තුනකට අයත් මිලකළ නොහැකි පොත්පත් සහ ආලෙඛිත චිත්‍ර විශාල තොගයක් එහි තිබුණි. ඉඩම නිවස ඇතුළු පුස්තකාලයේ ද තිබූ සියලු දෑ කොළඹ රාජකීය විද්‍යාලයට පවරා ඇති අනාගත රාජකීය පුතුන් ට උරුම වූ ජාතික උරුමයකි.
  7. ඒ උරුමය විනාස කිරීමට වගකිව යුත්තේ කලඳක් තරම් මොළයක් නැති සිරසේ දඩබල්ලන් සහ රවුෆ් හකීම් මෙන්ම හර්ෂ ද සිල්වා යන තුන් කට්ටුව යි. අලි ෂබ්රි ගෙ නම ද tweet පණිවිඩය ට ඇතුළත් කළේ ෂබ්රි ගේ නිවස ද ගිනිබත් කිරීමේ චේතනාවෙන් බව දැන් පැහැදිලිය.
  8. ආදරණීය රාජකීය නි ඔබගේ පාසලට අයත් ඉහත කී සම්පත විනාශ කිරීමට දායක වූයේ රාජකීය පාසල් මාතාවගෙන් කිරි හැදුණු වැඩුණු රවුෆ් හකීම් සහ හර්ෂ ද සිල්වා ය. ඔබගේ පාසලට මහත් අභිමානයක් ඇත. පාසලට ගෞරවය ගෙන දුන් ආදි සිසුන්ගේ නම් ඔබගේ පාසලේ ශ්‍රවණාගාරයේ ප්‍රදර්ශනය කොට ඇත.
  9. රාජකීය විදුහලේ විදුහල්පති තුමනි, ගුරුභවතුනි, දරුවනි, ආදි සිසුවෙනි, දැන් ඔබ වෙත තවත් වගකීමක් පැවරී ඇත. පාසල් මාතාවට ද්‍රෝහී වූ ආදි සිසුවන්ගේ නම් ඇතුළත් බෝඩ් එකක් එම ශ්‍රවණාගාරයේ ම එල්ලීමට කටයුතු කළ යුතුය. එහි මුල් නම් දෙක ලෙස රවුෆ් හකීම් සහ හර්ෂ ද සිල්වා යනුවෙන් ලියැවිය යුතුය.
  10. රාජකීය විදුහල් මාතාවගේ අනාගත උරුමය විනාශ කළ සිරසේ දඩ බල්ලන්ගේ නම් ද ඇතුලත් ලැයිස්තුවක් එහි ප්‍රදර්ශනය කිරීම ද ඉතා කාලෝචිත වන්නේ ය.
    ජාතික සම්පත් විනාශ කළ උන්ට සහ ඊට පාර කියා දුන්නන්හට යහපත අත්විය යුතුද?

    – හේවාරාළ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles