Sunday, May 5, 2024

“රස ජෑම් බෝතලෙන් මතුවුණු තඩි පණුවා” – පණුවන්ගේ විශ්වාසය දිනූ ජෑම් ඔබත් රස වින්දා ද?

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ජෑම් බෝතලයක් තුළ තිබී ජීවී පණුවකු හමුවීමේ සිදුවීමක් “අරුණ” වෙබ් අඩවිය වාර්තා කරයි මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දී ඇත්තේ වාද්දූව ප්‍රදේශයේ පදිංචි ධම්මික සංජීව අබේසුන්දර මහතා සහ ඔහුගේ පුත්‍රයාය.

ධම්මික මහතා පසුගිය දිනෙක වාද්දූව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ සුපිරි වෙළෙදසැලකින් සිය දරුවාට ජෑම් බෝතලයක් මිලදී ගෙන තිබේ. ඔහුගේ පුතු විසින් ජෑම් ආහාරයට ගැනීමට සූදානම්වීමේදී ජෑම් බෝතල තුළ සිටි ජීවී පණුවකු දැක තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ සමාගමේ පාරිභෝගික අංශ දැනුවත් කර ඇති අතර, මේ වන විට දින 10ක් පමණ ගතවී ඇතත් ආයතනය පාර්ශවයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.ධම්මික මහතා ආහාරවල සුරක්ෂිතතාව සමිබන්ධ උපදේශකවරයෙකු ද වෙි.වීඩියෝව පහතින්,

https://www.facebook.com/114799010318622/videos/1037984250295996/

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles