Monday, April 29, 2024

ලංකාවෙ අපේ ආණ්ඩුවෙන් දාන කොන්දේසි වලට IMF එක යටත් වුණොත් අපි ණය ගන්නවා – මන්ත්‍රී සහන් ප්‍රදීප් කියයි

ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන කොන්දේසි වලට යටත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදෙන්නේ නම් ඔවුන්ගෙන් ණය ලබා ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.

ප්‍රශ්නය – IMF එකෙන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළාද ? මොකක්ද ඒ ගැන තීරණය ?  

“ණය ලබාගැනීම එදා ඉඳන්ම සිද්ධ වුණා. අපට බලහත්කාරයෙන් ණය ලබාගැනීමේ අවශ්‍යතාවයක් නෑ. අපි ලංකාවෙන් දාන, අපි ආණ්ඩුවෙන් දාන්න බලාපොරොත්තු වෙන කොන්දේසිවලට යටත්ව ණය දුන්නොත් ගන්න අපි සූදානම්. හැබැයි IMF එකෙන් දාන දැඩි කොන්දේසි පිළිඅරගෙන ණය ගන්න අපි සූදානම් නෑ.”

සහන් ප්‍රදීප් විතාන මහතා මේ බව පැවසුවේ ඊයේ (14) අරලියගහ මන්දිරයේදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles