Friday, May 3, 2024

ලංකාවේ ගෑස් ටැංකි පුපුරද්දී ඇමති බැසිල් ඉන්දියාවෙිදී Biogas වලින් කෑම හදයි

මේ වන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටිනවා.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාවය තව දුරටත් වැඩිවර්ධනය කර ගත හැකි මාර්ග පිළිබදව ඉන්දීය බළධාරීන් සමග බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සාකච්ඡා කරමින් සිටියි.

මුදල් අමාත්‍යවරියද ඊයේ(01) බැසිල් රාජපක්ෂ මහතා මුණ ගැසී තිබෙනවා.

ඉන්දීය සංචාරයේ දී මුදල් අමාත්‍යවරයා ඉන්දියාවේ කි‍්‍රයාත්මක වන බලවත් සමාජ සේවා ආයතනයක් වන සුලාබ් සංවිධානයටද ගොස් තිබුණා.

එහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ කෑම පිසීමේ කටයුතු සිදු කර තිබුණේ ජීව ගෑස් [biogas] භාවිතයෙනි.

සුලාබ් සංවිධානය යනු මානව හිමිකම්, පාරිසරික ගැටළු, කසල කළමණාකරණය සහ විකල්ප බලශක්ති ප‍්‍රභවයන් පිළිබදව අවධානය යොමු කර තිබෙන සංවිධානයකි.

ස්වේච්ඡා සේවකයන් පනස් දහසක් පමණ මෙම සංවිධානය හා සම්බන්ධ වී සිටින බව පැවසෙනවා.

සුලාබ් රාජ්‍ය නොවන සංවිධානයේ නිර්මාතෘ ආචාර්ය බින්දේෂ්වර් පතාක් ද මෙම අවස්ථාවට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා හමුවී තිබෙනවා. සුලාබ් සංවිධානය 1970 දී පිහිටවූවක් වන අතර එහි ප්‍රධාන කාර්යාලය ඇත්තේ නවදිල්ලියේයි.

බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේදී බයෝ ගෑස් භාවිතයෙන් ආහාර පිසීම සිදුකරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය වල පැතිර යනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles