Monday, May 6, 2024

ලොව වැඩිම කාලයක් කොරෝනා ආසාදනය වී සුව නොවූ පුද්ගලයා මෙන්න

මාස 14 ක් තිස්සේ කොවිඩ් වයිරසය ආසාදනය වී සිටින පුද්ගලයකු ගැන තුර්කියෙන් වාර්තා වේ.

මුසාෆර් කයාසන් නමැති 56 හැවිරිදි මොහු මේ වනවිට 78 වරක් කොරෝනා පරීක්ෂණවලට යොමු වී ඇති බවත්, තවමත් ඔහු කොවිඩ් ආසාදිතයකු බවත් තුර්කි සෞඛ්‍ය අංශ කියයි.

මුසාෆර් කයාසන් ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙකි. 2020 වසරේ ආසාදනය වූ කොවිඩ් 19 වයිරස විෂබීජ ඔහුගේ සිරුරෙන් තුරන් නොවී පවතින්නේ, පිළිකාව හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වී ඇති බැවින් යැයි වෛද්‍යවරු පැහැදිලි කරති.

දීර්ඝ කාලයක් තිස්සේ කොවිඩ් රෝගියකු ලෙස තහවුරු වූ ලොව පළමු වැන්නා වන්නේ ද මුසාෆර් ය.

එහෙයින් මුසාෆර් සිය පුතුගේ නිවස අසල වෙන්ව පිහිටා ඇති කුඩා කුටියක ජීවත් වෙයි. මුසාෆර් පළමුවෙන් කොවිඩ් 19 ආසාදිතව, රෝහල්ගත කෙරුණේ 2020 නොවැම්බරයේය. ඉන්පසු ඔහු විටින් විට රෝගල් ගත කෙරුණි. ඒ, කොවිඩ් 19 සඳහා ‘පොසිටිව්’ වීම සහ සංකූලතා උත්සන්න වූ බැවිනි. ඒ සෑම අවස්ථාවකදීම තමා මියයාවි යැයි සිතුනත් එසේ නොවූ බව මුසාෆර් පවසා තිබේ.

මුසාෆර්, කොවිඩ් වයිරසය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන නැත. ඔහු ආසාදිතයකු බවට පත් වූයේ එන්නත ලබා ගැනීමට පෙරය. එදා සිට දිගටම ‘පොසිටිව්’ තැනැත්තකු බැවින්, මුසාෆර් ට එන්නත ලබා ගැනීමට නොහැකි යැයි තුර්කි සෞඛ්‍ය අංශ පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles