Monday, May 6, 2024

යාද් ආ රහා හේ තේරා ප්‍යාර් ! ජීවන ගමනට සමුදුන් හින්දි සිනමාවේ ගී පදවලට සප්තස්වර පණ පෙවූ “ඩිස්කෝ මියුසික් රජා”

හින්දි සිනමාවේ “ඩිස්කො මියුසික් රජා” ලෙස සැලකෙන ඉන්දියානු සංගීතවෙිදී බප්පි ලහි‍රි ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

නව සංගීත රටාවන් හින්දි සිනමාවට මුසු කිරීමේ පුරෝගාමියකු ලෙස සැලකෙන බප්පි ලහි‍රිගේ නව ආරක සංගීතය හේතුවෙන්ම ඩිස්කෝ ඩාන්සර් චිත්‍රපටය වාර්තා පිට වාර්තා තබමින් තිරගත වුණා.

“Disco Dancer” චිත්‍රපටයට අමතරව චල්තේ චල්තේ, සරාභි ආදී චිත්‍රපට ද ඔහුගේ අතිශයින් ජනප්‍රිය වූ චිත්‍රපටියි.

මෙම ශ්‍රේෂ්ඨ සංගීතඥයා මිය යන විට 69 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකි.

1952 නොවැම්බර් 27 දින වර්ෂයේදී බෙංගාල හිදී උපත ලැබූ ඔහු කුඩා කාලයේ පටන් සංගීතයට නැඹුරු වී තිබෙනවා. ඒ ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම ගායකයින් වීම හේතුවෙනි.

මුම්බායිහී ක්‍රිටිකෙයාර් රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටි බප්පි ලහිරි, නින්දේදීම මෙලෙස මධ්‍යම රාත්‍රියට ටික වේලාවකට පෙර මිය ගොස් තිබුනු බව වෛද්‍යවරයෙක් සදහන් කර ඇත.

සෞඛ්‍ය ගැටලු කිහිපයක් හේතුවෙන් බාප්පි ලහ්රි මාසයක් තිස්සේ රෝහල්ගතව සිටි අතර සඳුදා රෝහලෙන් පිටව ගිය බව වාර්තා වූවත්. අඟහරුවාදා ඔහුගේ සෞඛ්‍ය තත්වය නරක අතට හැරුණු අතර ඉන් පසුව ඔහු නැවත වරක් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබෙි. නොබෝදා අප අතරින් සමුගත් ගීත කෝකිලාවිය ලතා මංගෙශ්කර්ගේ වියෝව සැලවී ඔහු තරමක් ඒ ගැන කනස්සල්ලෙන් ද සිට තිබෙන බව සඳහන් වෙි.

70 – 80 -90 දශකවල ඉන්දීය චිත්‍රපට සිනමාව නව මාවතකට ගෙන ආ මෙම සංගීතඥයා සංගීත අධ්‍යක්ෂණය කළ “Disco Dancer” චිත්‍රපටය එවකට හින්දි සිනමාවේ එතෙක් පැවති සාම්ප්‍රදායික සංගීත රටාව අතික්‍රමණය කළ අත්හදා බැලීමක් ලෙසයි සැලකුනේ.

තවද එම දශකවල ඉන්දියාවේ ඩිස්කෝ සංගීතය ජනප්‍රිය කිරීම සඳහා බප්පි ලහිරි ප්‍රසිද්ධ විය. ඒ අනුව ඉන්දීය ‘ඩිස්කෝ සංගීත රජු’ ලෙස සැලකෙන ඔහු “Chalte Chalte”, “Disco Dancer”, “Sharaabi” ඇතුළු ප්‍රසිද්ධ චිත්‍රපට කිහිපයක් සඳහා ගීත රචනා කළේය. එම නිර්මාණ හරහා හින්දි සිනමා ගීත ලෝකය වෙනස්ම මානයකට ගෙන ආ බප්පි ලහි‍රි සංගීත ලෝකයේ පෙරළියක් කිරීමට සමත් වූ අතර ඒ අතරින් Disco Dancer ගීතය වඩාත් ජනප්‍රිය විය.

බප්පි ලහිරි 1970 -1980 දශකයේ හින්දි සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට රැසකට සිය දායකත්වය සැපයුවා. ඒ අතර ඩිස්කෝ ඩාන්සර්, නමක් හලාල්, ටෝෆා, කමාන්ඩෝ, වර්ධත් වැනි චිත්‍රපට ප්‍රමුඛ ස්ථානයක තිබෙනවා.

1991 වසරේ තිරගත වූ තන්ඩර් චිත්‍රපටියේ “Tamma Tamma Loge”

Dirty pictures හී ජනප්‍රිය “Hulalla Hu lalla”

Gundy චිත්‍රපටියේ “Tune mari entriyaan” ගීතය

ආදී අපූරු අතිෂයින් ජනප්‍රිය ගීත රැසක හඩ හිමි කරු විය.

බප්පි ලහි‍රි අවසාන වශයෙන් සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ, 2020 වසරේ තිරගත වූ භාගී චිත්‍රපටයේ යි.ඔහුගේ අවසන් ගීතය, භන්කාස් නමින්. 2020 දී Tiger Shroff සහ Shraddha Kapoor රංගනයෙන් දායක වන Baaghi 3 සඳහා ගායනා කර තිබුණි. ඒ අනුව බප්පි ලහි‍රි අවසාන වශයෙන් සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ Baaghi 3 චිත්‍රපටයට යි.

“රත්තරන් මගේ දෙවියන්” යන පාඨය ඔහුගේ මුවගේ නිතර රැඳුණු තේමාව බවයි ඔහුගේ සමීපතමයින් සඳහන් කර සිටින්නේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රවීණ නිර්මාපකයා සහ ගායකයාගේ අභාවය පිළිබඳව ශෝකවන බවත්, “පරම්පරා ගණනාවක් පුරා සිටින පුද්ගලයින්ට ඔහුගේ කෘතිවලට සම්බන්ධ විය හැකි” බවත්ය.

එසේම ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ද ලහිරිගේ පවුලේ අයට සහ රසිකයන්ට ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර බොලිවුඩ් තරු රැසක් ද ඔහුගේ අභාවය වෙනුවෙන් මේ වන විට ශෝකය පළකර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles