Friday, May 3, 2024

වංචා විමර්ශණ කොමිසම ජනපතිගේ අණ ලැබෙනතුරු සීරුවෙන්..

රාජ්‍ය දේපල මහා පරිමාණ දූෂණ සහ වංචා පිළිබඳ ජනාධිපති කොමිසම තමන්ගේ තෙවැනි මධ්‍ය වාර්තාව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා වෙත බාරදී ඇත.

එම වාර්තාව සමග මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතියේ රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධ සිදුවීමට අදාල වාර්තාවද ඉදිරිපත් කර ඇත.

මින් පෙර ජනාධිපති විශේෂ කොමිසම විසින් හිටපු ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගෙන් ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේදී  රාජ්‍ය මුදල් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ඡන්ද ව්‍යාපාරයට භාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත. එසේම අදාල මැතිවරණය සඳහා මහජන මුදල් යොදාගෙන ටී ෂර්ට් සහ කැප් මුද්‍රණය ඇතුලු ඡන්ද ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් ගණනාවක් සම්බන්ධව ප්‍රශ්නකර ඇත.

ජනාධිපති විශේෂ කොමිසමේ ලේකම්වරයා සඳහන්කර  සිටියේ කොමිසම විසින් ඉදිරිපත්කල වාර්තා දෙකට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවරක් ගැනීමට ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු තමන් සූදානමින් සිටින බවයි.

මේ වනවිටි මෙම විශේෂ ජනාධිපති කොමිසමට මහා පරිමාණ වංචා සහ දූෂණ සම්බන්ධව මහජන පැමිණිලි දහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇත.

ජනරඟ දේවසුරේන්ද්‍ර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles