Saturday, May 4, 2024

අගමැති ඇමතිවරයකුට අවවාද දුන් කතාව බොරු !

ඇවන්ගාර්ඞ් සිද්ධිය පදනම් කර ගනිමින් පාර්ශව කිහිපයක් සමග විවාදයකට එළඹ සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තරයේ අවවාද කර ඇතැයි අද (17) පුවත්පත් කිහිපයක පලවී ඇති වාර්තාවේ කිසිඳු සත්‍යයක් නැතයි අගමැති කාර්යාලයේ ප්‍රධානියකු පැවසිය.

එම පුවත සම්බන්ධයෙන් අප කල විමසීමකදීය.

 

එම පුවත අගමැති කාර්යාලයට යන එන ප්‍රධාන පුවත්පතක මාධ්‍යවේදියකු විසින් පතුරුවා හරිනු ලැබූ ‘අතේ රෝලක්’ පමණක් බවත් ඔහු කියා සිටියේය.

 

සිංගප්පූරු සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් පසු,  ඇවන්ගාර්ඞ් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වල පළවී තිබූ පුවත් සම්බන්ධයෙන් අගමැති මාධ්‍ය අංශයෙන් වාර්තාවක් කැඳවා ඇති අග‍්‍රාමාත්‍යවරයා, ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ජා කිරීම තීරණය කර ඇත.

 

මේ සම්බන්ධයෙන් බරපතල මත ගැටුමක් ඇති කරගෙන ගෙන සිටින විජේදාස රාජපක්ෂ හා රාජිත සේනාරත්න ඇමතිවරුන් දෙදෙනා ගෙන්වා සාකච්ජා කිරීමට ද  අගමැතිවරයා තීරණය කර තිබේ.

 

එහෙත් විජේදාස රාජපක්ෂ මහතා විදේශගතව සිටීමත්, රාජිත සේනාරත්න ඇමතිවරයා සම්බන්ධ කර ගැනීමටත් නොහැකිවීම නිසාත් එම සාකච්ජාව සිදුව නොමැත.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles