Monday, May 6, 2024

දත් දොස්තරලා දන්නවද ඇවන්ට් ගාර්ඩ් ගැන

දැඩි ආන්දෝලනයට ලක්ව ඇති ඇවන්ට් ගාර්ඩ් සමාගම සම්බන්ධ සිදුවීම වෙනුවෙන් අදහස් දැක්වීමට අද “ඇවන්ට් ගාර්ඩ් සුරැකීමේ සංවිධානය“ නමින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සේවයේ නියුතුව සිටි සේවකයින් විසින් පිහිටුවාගෙන ඇති මෙම සංවිධානයේ මූලික අරමුණවී ඇත්තේ ඇවන්ට් ගාර්ඩ් සමාගම නාවික හමුදාව හෝ වෙනත් සමාගමක් වෙත පැවරීම  වලක්වාලීමයි.

“අද අපේ රස්සාවල් වගේ ජීවිතත් අවදානමට වැටිලා..ඇවන්ට් ගාර්ඩ් එකේ වැඩකරනවා කිව්වම සමාජය හිතන්නේ අපි හැමෝම හෙරු කියලා..ඇවන්ට් ගාර්ඩ් සමාගමට විරුද්ධව කතා කරන්නේ නැව් ගණන් අයිති දත් දොස්තරලා..දත් දොස්තරලා දන්නවාද ඇවන්ට් ගාර්ඩ් එකෙන් වෙන්නේ මොනවද කියලා..

තව දෙයක් තමයි මේ දත් දොස්තරලට නැව් තුන හතර ගාණේ අයිතිකරගන්නනම් ලංකාවේ ඉන්න සේරම මිනිස්සුන්ගේ දත් ගලවන්න වෙනවා..“

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔවුන් කියා සිටියේ ඇවන්ට් ගාර්ඩ් සමාගම නාවික හමුදාවට හෝ වෙනත් පුද්ගලික සමාගමකට පවරනවාට වඩා වත්මන් සේවකයන්ගේ රැකියාවත් ආරක්ෂා කරමින් විධිමත් ආකාරයට එම ආයතනය පවත්වාගෙන යන්නට ඉඩ දෙන ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles