Monday, May 6, 2024

තිරසාර යහපාලනයට මේ රජය ඉතා උනන්දුයි

වත්මන් සම්මුතිවාදී රජය තිරසාර යහපාලනයක් උදෙසා ඉතා උනන්දුවෙන් කටයුතු කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසා සිටියි.

“කෝඩ් ෆෝ ගුඩ්“ ශ්‍රී ලංකා සංසදය විසින් සංවිධානය කල සම්මන්ත්‍රණයේ ප්‍රධාන දෙසුමක් පවත්වමින් අදහස් දැක්වූ වික්‍රමරත්න මහතා පවසා සිටියේ යහපාලනය උදෙසා මේ රජය වෙහෙසෙන අතර එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් සිදුකලයුතු බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන ක්‍රමවේදයක් තුල දේශපාලන නායකයන් පත්කිරීම වඩාත් විධිමත්විය යුතුයි. ඒ වගේම එය සාධාරණ විය යුතුයි.තවමත් ලංකාවේ දේශපාලන නියෝජිතයින් තේරීම තොරතුරු තාක්ෂණය මත පදනම්වුණු දෙයක් මිස ජනතාවගේ සැබෑ සිතුම් පැතුම් මත පදනම් වුණු දෙයක් බවට සංවර්ධනය වෙලා නෑ. එය තවත් ව්‍යවස්ථානුකූල විය යුතුයයි මා විශ්වාස කරනවා.

රජයකට රටේ ප්‍රධාන ජනවර්ගය වෙනුවෙන් පමණක් පෙනී සිටින්නට බැහැ. සෑම ජන කොට්ඨාශයක් වගේම සෑම ජනවර්ගයක්ම නියෝජනය කල යුතුයි, සුළු ජාතීන් වෙනුවෙන් පවා කැපවි ක්‍රියාකල යුතුයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles