Friday, May 17, 2024

වසරකට මාරක රිය අනතුරු 2800 ක්‌

මෙරට වාර්ෂිකව මාර්ග අනතුරු 37,000 ක්‌ පමණ සිදුවන අතර ඉන් 2800 ක්‌ මාරක රිය අනතුරු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම මාර්ග අනතුරුවලට ලක්‌වන්නන්ගෙන් බහුරය වයස අවුරුදු 15 ත් 40 ත් අතර රටේ ඵලදායි කණ්‌ඩායමට අයත් පුද්ගලයන් වන අතර මෙම තත්ත්වය රටේ ආර්ථිකයටද දැඩි බලපෑමක්‌ එල්ල කරන බව අමාත්‍යාංශය කියයි.

මෙරට රිය අනතුරුවලට භාජනය වන බහුතරයක්‌ දීර්ඝ කාලීනව ආබාධිත තත්ත්වයට පත්ව ඇති අතර මෙම අනතුරුවලට ලක්‌වන්නන්ට ප්‍රතිකාර කිරීමට හා ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා රජයට විශාල මුදලක්‌ වැය කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

මෙරට හදිසි අනතුරු හේතුවෙන් පීඩාවට පත් වන හා මිය යන සංඛ්‍යාව දෛනිකව ඉහළ යමින් පවතින අතර වාර්ෂිකව හදිසි අනතුරු හේතුවෙන් මිලියනයක්‌ පමණ රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන බව අනාවරණය වී තිබේ. divaina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles