Friday, May 17, 2024

සම්පත් බැංකුවේ පහේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න මිද්දෙනියේදී

දැයේ දූ පුතුන් වෙනුවෙන් සම්පත් බැංකුව විසින් අඛණ්‌ඩව 8 වැනි වරටත් දියත් කරන ලද පහේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න පසුගියදා මිද්දෙනිය මහා විද්‍යාලයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.

මෙවර විභාගයට පෙනී සිටින පාසල් දරුදැරියන් 1200කට අධික ප්‍රමාණයක්‌ හා ඔවුන්ගේ දෙමාපියන් මිද්දෙනියේදී පැවැත්වුණු පළමු සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූහ. සම්මන්ත්‍රණය සමගාමීව දෙමාපියන් වෙනුවෙන් පැවැත්වුණ විශේෂ වැඩමුළුව සඳහා 700කට අධික පිරිසක්‌ සහභාගී වීමද විශේෂත්වයකි.

දිවයින පුරා ප්‍රදේශ රැසක්‌ ආවරණය කරමින් නොමිලේ පැවත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාව සියලු දරුදැරියන් හට විවෘත වන අතර සෑම සම්මන්ත්‍රණයකදීම ප්‍රවීණ ආචාර්යවරුන් විසින් ආදර්ශ ප්‍රශ්න පත්‍ර දෙකක්‌ සිසුන් සමග සාකච්ඡා කරනු ලැබේ. විභාගයේදී ප්‍රශ්න හොඳින් වටහාගන්නා ආකාරය, පිළිතුරු ගොනුකරන ආකාරය, පිළිතුරු ලිවීමේදී කාලය කළමනාකරණය කරගැනීම ආදී ප්‍රයෝජනවත් කරුණු රැසක්‌ මෙහිදී විස්‌තරාත්මකව පැහැදිලි කෙරේ.

පසුගිය වසර කිහිපය තුළදී මෙම වැඩසටහන විශාල සාර්ථකත්වයක්‌ හා ජනප්‍රියත්වයක්‌ අත්කරගත් අතර එම නිසාම එහි ඉදිරි පියවරක්‌ ලෙස මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී විශිෂ්ටතම කුසලතා පෙන්නුම් කරන ගිණුම් හිමි සිසු සිසුවියන්ට හා ඔවුන්ගේ පාසල්වලට රුපියල් ලක්‌ෂ ගණනක්‌ වටිනා මුදල් ත්‍යාග පි§නැමීමටද සම්පත් බැංකුව කටයුතු කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles