Saturday, May 4, 2024

විදුලිය බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් – විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී

විදුලිය බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස සැක කරන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර් රණතුංග මහතා පවසයි.

එසේම සදුදා දක්වා වන දින 03ක කාලය දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ විදුලි විසන්ධි කිරීමට සිදුවන බවද ඔහු පවසා සිටී.

එහි සාමාන්‍යාධිකාරි ආර්. එම්. රණතුංග මහතා පවසනන්නේ නොරච්චෝල ගල් අගුරු විදුලි බලාගාරය නැවත සක්‍රිය කිරිමට දින තුක පමණ කාලයක් ගත වන බවයි.

මේ තත්වය මත සඳුදා තෙක් දිවයිනේ තෝරා ගත් ප්‍රදේශවල විදුලි සැපයුම විසන්දි කිරීමට සිදුවන ඇතැයිද කී ඔහු ඉන් පසු යලිත් සුපුරුදු ලෙස විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවද කියා සිටියේය.

ඔහු පැවසුවේ විදුලි බිඳවැටීම යථාතත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තිය සමිතිය මැලිකමක් දක්වන බවය.

කෙසේවෙතත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතිය පැවසීය.

එසේම විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම විදුලි ඉංජිනේරුවන් උවමනාවෙන්ම පමා කරමින් සිටින බවත් ඔහු පැවසීය.

හිතාමතා විදුලිය විසන්ධි කර ඇති බවට පරීක්ෂණ මගින් අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද පැවසීය.


හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ, මේ නිසා හිතාමතාම ප්‍රතිසංස්කරණ කටයුතු ඇදගෙන යන බවයි. කෙසේ වෙතත්, මෙගාවොට් 300ක විදුලි සැපයුමක් දැනටමත් යථා තත්ත්වයට පත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා

ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳවැටී තිබු විදුලි සැපයුම මෙිවන විට යථා තත්ත්වයට පත්කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ මේ වන විට සියලු ග්‍රීඩ් උපපොළවල් ද යථා තත්ත්වයට පත්කර ප්‍රධාන පද්ධතියට එක්කර ඇති බවයි.

ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද (03) පෙරවරු 11.30 ට පමණ දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටුණි.

විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ, මෙලෙස පද්ධතියේ පූර්ණ බිඳවැටීමක් සිදුව ඇත්තේ කොත්මලේ ග්‍රීඩ් උපපොළේ සිට බියගම ග්‍රීඩ් උපපොළ දක්වා විදුලිය රැගෙන එන රැහැන් මාර්ගයේ බිඳවැටීමක ප්‍රතිඵලයක් ලෙස බවයි.

හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් දිවයින පුරා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියේය.

හදිසි විදුලි බිඳවැටීමත් සමඟ අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලවීමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ බොහෝමයක ජල සැපයුමට බාධා එල්ල වුණි.

ඒ හේතුවෙන් ජලය නොමැතිව ද ජනතාව දැඩි අපහසුතාවට පත්වුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles