Monday, April 29, 2024

විදුලි කප්පාදුව වැඩි නොවේ!

කාර්මික දෝෂයකට ලක්ව තිබූ නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අලුත් වැඩියාවෙන් පසුව යළි ජාතික පද්ධතියට එක් කළ ද, විදුලි කප්පාදු කාලසිමාවේ අඩුවක් සිදු නොවනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුව ඉදිරියටත් පවත්වා ගැනීමට සිදු වනු ඇති බවයි.

මේ අතර ඉන්ධනවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ඉහළ යාමත් සමග ආරම්භ කළ පිරවුම්හල්  ආශ්‍රිත පොම්ප පරික්ෂා කිරිම් අඛණ්ඩව සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles