Thursday, May 2, 2024

විදුලි බිලට සහන ක්‍රමයක්‌ එයි

විදුලිය පරිභෝජනය කරන කාලය අනුව (Time of use) නව අය ක්‍රමයක්‌ හඳුන්වාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කරගෙන යයි.

ලබන ඔක්‌තෝබර් මාසයේ සිට මෙම නව අය ක්‍රමය හඳුන්වාදීමට හැකි වනු ඇතැයි එම කොමිෂන් සභාවේ ආර්ථික කටයුතු හා අය ක්‍රම අධ්‍යක්‍ෂ කාංචන සිරිවර්ධන මහතා zදිවයින ඉරිදා සංග්‍රහයZ ට පැවසීය.

මෙම ක්‍රමයේදී පෙරවරු 5.30 සිට රාත්‍රී 10.30 දක්‌වාද, රාත්‍රී 10.30 සිට පසුදින පෙරවරු 5.30 දක්‌වාද වශයෙන් විදුලිය පරිභෝජනය කරන කාල කාණ්‌ඩ දෙකකට වෙන් කෙරෙන අතර රාත්‍රී 10.30 සිට පෙරවරු 5.30 දක්‌වා කාලයේදී පාවිච්චි කරන විදුලිය සඳහා අය කෙරෙන ගාස්‌තුව සාමාන්‍ය ගාස්‌තුවට වඩා සියයට 40 කින් පමණ අඩු වන බවද සිරිවර්ධන මහතා කීවේය.

මෙම නව ක්‍රමයට කැමැති පාරිභෝගිකයන් සිය වියදමින් නව විදුලි මනුවක්‌ සවි කර ගත යුතුවෙයි. රුපියල් අට දහසක්‌ හෝ ඊට අඩු මුදලක්‌ ඒ සඳහා වැය කිරීමට සිදුqවනු ඇතැයිද මෙම නව ක්‍රමය මේ වන විට මහා පරිමාණයෙන් විදුලිය පාවිච්චි කරන පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇතැයිද අධ්‍යක්‍ෂවරයා පැවසීය.

සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා නව මනුවක්‌ විදුලිබල මණ්‌ඩලය මේ වන විට නිෂ්පාදනය කරමින් පවතින බවත් සිරිවර්ධන මහතා සඳහන් කළේය.

ඔසපැ දෙ මිe ක්‍රමය මගින් විදුලිය නිෂ්පාදන වියදම අඩුකර ගැනීමට හැකිවනු ඇතැයිද පාරිභෝගිකයන්ට සහනයක්‌ වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

රාත්‍රී කාලයේදී විදුලිය පරිභෝජනයට පාරිභෝගිකයන්aa යොමු කිරීමෙන් අධික විදුලි ඉල්ලුමක්‌ පවතින කාලයේදී විදුලිය නිෂ්පාදනය සඳහා කෙරෙන වැය අවම කර ගැනීම මෙම නව ක්‍රමය හඳුන්වාදීමේ අරමුණ වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles