Wednesday, May 8, 2024

විදෙස් සංචාර නිසා රාජ්‍ය මුදල් අවභාවිතා වෙන් නැහැ මං අභියෝග කරනවා – ඩලස්

ජනපතිගේ සහ අගමැතිගේ විදෙස් සංචාර හරහා අනවශ්‍ය ආකාරයට රාජ්‍ය මුදල් අවභාවිත වන්නේ නැති බවත් එසේ වෙනවානම් පෙන්වා දෙන ලෙස අභියෝග කරන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීය.

අගමැතිවරයා ඉතාලි සංචාරයට එක්වූයේ විදේශ සංවිධානයක ඉල්ලීමට බවද, ජනපතිගේ එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමේ ඇමරිකානු සංචාරයට එක්වන්නේ අවම පිරිසක් බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙවැනි අවස්ථාවක ආර්ථිකය මැනවින් කළමණාකරණය කර රටට බරක් ඇතිනොවන ආකාරයට විදෙස් සංචාර වල නිරත වීම කාගෙත් වගකීමක් බවත් පසුගිය වසර එක හමාරක කාලය තුළ කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු හෝ විදේශ ගත වී නොමැති බවත් සියළුම සාකච්ඡා නූතන තාක්ෂණය ඔස්සේ සිදුකර ඇති බවත් ඔහු කී අතර
 මෙම සංචාර හරහා රටක් ලෙස අවාසියක් වී ඇතිනම් කරුනු සහිතව ඔප්පු කරන ලෙසත් එවැන්නක් නොමැති බවත් ඔහු අවධාරණය කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles