Friday, April 26, 2024

SpaceX මගින් ප්‍රථම වරට මේ සතියේ සිවිල් වැසියන් පෘථිවි කක්ෂයට

ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික එලෝන් මස්ක්ට අයත් අභ්‍යවකාශ මෙහෙයුම් සමාගම වන SpaceX මගින් ප්‍රථම වරට සම්පූර්ණයෙන්ම සිවිල් පුරවැසියන්ගෙන් යුතු කණ්ඩායමක් පෘථිවි කක්ෂය වෙත රැගෙන යාමට සූදානමින් සිටින බව පවසයි.
බොහෝවිට මෙම සතියේ බදාදා දිනයේදී එම මෙහෙයුම සිදුකිරීම සැලසුම වී තිබේ. SpaceX මගින් සිදුකරන Astro-tourist ව්‍යාපෘතිය යටතේ මෙය සිදුකෙරේ. ඒ අනුව මෙම අභ්‍යවකාශ සංචාරක කණ්ඩායම SpaceX මගින් අභ්‍යවකාශයට යන පළමුවැනි පිරිස ලෙස ඉතිහාසයට එක්වීමටද නියමිතව තිබේ.මෙම SpaceX යානය තුළ සිවුදෙනකුට රැදී සිටිය හැකිය. දැනට අනාවරණය වී ඇති ආකාරයට එක්සත් ජනපදයේ ඉ-වාණිජ සමාගමක් වන Shift4 Payments හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙරාඩ් අයිසැක්මන්ගේ නායකත්වයෙන් යුතු තිදෙනෙක් මෙම ගමනට සම්බන්ධ වීමට නියමිතව ඇත.

මෙම පිරිස Inspiration4 ලෙසින් හැදින්වෙයි. අයිසැක්මන් සහ මීට එක්වන භූවිද්‍යාඥවරියක වන සිආන් ප්‍රොක්ටර් බලපත්‍රලාභී නියමුවරුන් ලෙසද සැලකෙයි. Shift4 Payments මගින් පැවැත්වූ තරගයකින් ඇයට මේ සඳහා අවස්ථාව හිමිව ඇත. එසේම කණ්ඩායමේ තෙවැන්නා වන් 29 හැවිරිදි හාලේ ආර්කෙනෙයුක්ස්ය අස්ථි පිළිකාවකින් සුව අතට පත්ව ඇති ඔහු මෙම මෙහෙයුම් ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙසද කටයුතු කරයි. මීට අමතරව 42 හැවිරිදි ක්‍රිස් සෙම්බ්‍රොකි, එක්සත් ජනපද ගුවන් හමුදාවේ හිටපු ගුවන් අභ්‍යවකාශ දත්ත ඉංජිනේරුවරයෙකි.

මෙම සිවුදෙනාගෙන් යුතු කණ්ඩායම පසුගිය මාස පහක කාලයක් පුරා මෙම ගමනට අවශ්‍ය පුහුණුවීම් සිදුකර තිබේ. එහිදී ඉහළ උන්නතාංශයකදී සිය සොඛ්‍ය පවත්වාගෙන යාම, ගුරුත්ව බලය දරා ගැනීම මෙන්ම ක්ෂුද්‍රගුරුත්ව මෙන්ම, හදිසි අවස්ථා පිළිබඳ පුහුණුව, මෙන්ම න්‍යායාත්මක පුහුණුව සහ වෛද්‍ය පරික්ෂණ යනාදිය වෙතද ඔවුන් ලක් කෙරී ඇත. ෆ්ලොරිඩාහි කේප් කැනවරල් තුඩුවේ පිහිටි නාසා ආයතනයට අයත් කෙනෙඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි රොකට් කක්ෂගත කිරීම් ස්ථානයෙන් මෙම SpaceX කැප්සූලය රැගත් Falcon 9 රොකට්ටුව කක්ෂගත වෙයි. එම කැප්සුලය නැවතත් ගොඩබස්වනේ ඇටිලැන්ටික් වෙතය. පවතින කාලගුණික තත්ත්වය අනුව දිනය සහ වේලාව වෙනස්වීමේ හැකියාවක්ද පවතී. මස්ක්ගේ SpaceX සමාගමට තරගකාරි සමාගම් දෙකක් වන ශ්‍රීමත් රිචර්ඩ් බුත්සන්ගේ වර්ජින් ගැලස්ටික් සහ ජෙෆ් බෙසොස්ගේ බලූ ඔරිජින් යන ආයතන මගින් ඉදිරිපත් කර ඇති යානා මගින් දැනටමත් අභ්‍යවකාශය වෙත පිරිස් රැගෙන යාම සිදුකර ඇත.

එහෙත් එහිදී එම සමාගම්වල සාමාජිකයන් සහ පවුලේ ඥාතීන් මෙම ගමන් සදහා එක් කරගත් අතර, සම්පූර්ණයෙන්ම සිවිල් වැසියන්ට සම්බන්ධ කරගැනීමක් සිදු නොවුණි.මෙම SpaceX යානය පෘථිවියේ සිට කිලෝමීටර් 575ක් ඉහළින් පියාසර කරනු ඇති බවත්, එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙන්ම හබල් අභ්‍යවකාශ දුරේක්ෂය පිහිටුවා ඇති උස මට්ටමටත් වඩා ඉහළ උසක් බවත් පැවසෙයි. එසේම මෙම යානය සෑම විනාඩි 90කට වරක්ම පෘථිවිය වටා පියාසර කිරීමට සලසුම් කර ඇති අතර, එහිදී යානය පැයට කිලෝමීටර් 27,200ක වේගයකින් පියාසර කරන බවත් පැවසෙයි.මෙම කණ්ඩායම පාථිවි කක්ෂයට ගිය වහාම ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබදව පරික්ෂාවක් සිදු කෙරෙන අතර, ඒ හරහා පෘථිවීයේදී සහ අනාගත අභ්‍යවකාශ පියාසැරියන්හිදී මිනිස් සෞඛ්‍ය වෙත ඇති වන බලපෑම පිළිබදවද අධ්‍යයනය කිරීම සහ තොරතුරු ලබාගැනීම එහි අරමුණ වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles