Sunday, May 5, 2024

විපක්ෂනායකතුමගේ අලුත් අවුරුදු සුබ පැතුම!

සොබාදහම සමගවන ජීවිතයේ වටිනාකම ඉස්මතු කරන සිංහල හින්දු අලු‍ත් අවුරුද්ද වැනි සංස්කෘතිකමය උත්සව අවශ්‍යයෙන්ම සමාජයටත් ලෝකයටත් ආශිර්වාදයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී. අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් හෙතෙම මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද කියා සිටී.

චිරාත් කාලයක් මුළුල්ලේ පැවතගෙන එන සංස්කෘතිකමය හරය විදහා දක්වන මුදුන්මල්කඩක් ලෙස සිංහල හින්දු අලු‍ත් අවුරුද්ද හඳුන්වා දිය හැක.වසර දහස් ගණනක් තිස්සේ මෙරට ජනතාව ඉමහත් උත්කර්ෂවත් ලෙස මේ මහා සංස්කෘතික මංගල්‍යය සැමරූ අතර එක් අතකින් ජාතික සමගියේත් තවත් අතකින් සහජීවනය සහෝදරත්වය බෙදාහදා ගැනීම වැනි යහ සංකල්ප කුලු‍ගන්වන උත්සවයක් ලෙසත් අලු‍ත් අවුරුද්ද විශේෂිත වෙයි.

මානවයා සහ සොබාදහම  අතර  පවතින්නේ අන්‍යෝන්‍ය බැදීමක් මෙන්ම අන්‍යෝන්‍ය අරගලය කි.එම අරගලය තුළ මානවයා තාවකාලික ජයග්‍රහණයක් අත්පත්කරගෙන ඇතත් සොබාදහමට සමීපවීම මිස සොබාදහමින් දුරස් වීම මානව වංශකතාවේ පැවැත්මට හිතසුව පිණිස නොවන බව අදවනවිට වෙන කවරදාටත් වඩා තිර ලෙස සනාථ වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles