Thursday, May 2, 2024

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික වැටුප් සක්‍රීය කිරීම සඳහා වන සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව නතර කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් විශ්‍රාමික වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා ඒ බව සඳහන් කළේය.

රට තුළ උද්ගත වී ඇති කොවිඩ්-19 අවදානම් තත්ත්වය හේතුවෙන් එම සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව අවලංගු කරන බව අදාළ නිවේදනයේ දැක්වේ.

හෙට (03) සිට සම්මුඛ  පරික්ෂණ සඳහා දින ලබාදුන් සියලුම විශ්‍රාමිකයන් සඳහා ඉදිරියේදී නැවත දිනයක් දැනුම්දෙන බව විශ්‍රාමික වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles