Saturday, May 4, 2024

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ.

2023 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් තේරීමේ තරග වටයට සහභාගිවීමෙන් වැළකී සිටීමට නම් පැහැදිළිවම 3-0 ක තරගාවලි ජයක අරමුණ ඇතිව සිම්බාබ්වේට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව අද (16 වැනිදා) පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී සහභාගිවෙයි. දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ප.ව. 2.30 ට ආරම්භ වනු ඇත.

දිවා රාත්‍රී තරග ලෙස එම තරග තුනම මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීයි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වයෙනුත් සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රෙග් අර්වින්ගේ නායකත්වයෙනුත් තරග වදිනු ඇත.

දෙවැනි තරගය ජනවාරි 18 වනදාත් 03 වන තරගය ජනවාරි මස 21 වනදා පැවැත් වේ.

ශ්‍රී ලංකාව – 1. කුසල් මෙන්ඩිස්, 2. පැතුම් නිස්සංක, 3. කමිදු මෙන්ඩිස්, 4. දිනේෂ් චන්දිමාල්, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), 7. චාමික කරුණාරත්න, 8. මහීෂ් තීක්ෂණ, 9. ජෙෆ්රි වැන්ඩර්සි, 10. නුවන් ප්‍රදීප්, 11. චාමික ගුණසේකර/නුවන් තුෂාර.

සිම්බාබ්වේ – 1. මිල්ටන් ෂුම්බා, 2. රෙගිස් චකබ්වා, 3. ක්‍රෙග් එර්වින්, 4. වෙස්ලි මැඩවියර්, 5. ෂෝන් විලියම්ස්, 6. සිකන්දර් රාසා, 7. රයන් බර්ල්, 8. ලුක් ජොන්ග්වේ, 9. වෙලිංටන් මසකඩ්සා, 10. බ්ලෙසිං මුසරාබානි, 11. රිචර්ඩ් නාරාවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles