Friday, May 3, 2024

සිය පණ නසා, ලොව සිව්වෙනි තැන ලබා….

 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වෙන අන්දමට, ලොව සියදිවි නසා ගැනීම් වැඩිවශයෙන් සිදුවන රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වැනි ස්‌ථානයට පත්ව තිබෙණවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තහවරු කරා. ලංකාවේ සියදිවි නසා ගැනීමේ අනුපාතය ජනගහනයෙන් ලක්‍ෂයකට 28.8කි. නමුත්, ලොවපුරා රටවල සියදිවි නසා ගැනීමේ අනුපාතය ජනගහනයෙන් ලක්‍ෂයකට 11කි.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අන්දමට, මෙරට ජනගහනයෙන් අඩක් පමණ මත්පැන් පානය කරනවා. පුද්ගලයන් දස දෙනකුගෙන් එක්‌ අයකු කුමන හෝ මානසික රෝග තත්ත්වයකින් පෙළෙනවා. මේ නිසා, මානසික සෞඛ්‍ය පිරිහී සියදිවි නසාගැනීම් තත්ත්වයට පත්වෙනවා.

සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා , පසුගියදා කොළඹ පැවැති මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 13 වැනි සැසිවාරය අමතා ප්‍රකාශ කර සිටි අන්දමට, මෙරට මානසික රෝඟීන්ඟෙන් ප්‍රථිකාර සඳහා යොමු වෙන්නේ 20%ක් වැනි සුළු ප්‍රතිශතයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles