Friday, May 3, 2024

හිට්ලර් ආයෙත් ආවොත් මොකද වෙන්නේ? [Video]

ජර්මනියේ නාසිවාදී නායකයා වූ ඇඩෝල්ෆ් හිට්ලර් සමකාලීන සමාජයට නැවති පැමිණීම පාදක කරගත් ‘Look who’s Back’ නම් වූ Borat-style ශානරයට අයත් සිනමාපටය මේ වන විට හිට්ලර්ගේ ජන්මභූමිය වන ජර්මනියේ සිනමාශාලාවල අංක 1 ලෙස වාර්තාගත ලෙස ප්‍රදර්ශනය කෙරේ.

ප්‍රදර්ශනය ඇරඹී තුන්වැනි සතිය වන විට එය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළන්නට පටන්ගෙන ඇත.

මෙම චිත්‍රපටයට පදනම් කරගෙන ඇත්තේ ලොව පුරා පාඨකයන් අතර විශාල වශයෙන් අලෙවි වූ ජර්මන් ජාතික නවකතාකරු තීමුර් වර්මීස් (Timur Vermes) ගේ 2012 වසරේ ප්‍රකාශයට පත්කෙරුණු ‘Er Ist Wieder Da‘ (ඔහු ආපසු ඇවිත්) කුළුඳුල් නවකතාවයි.

මෙම කෘතිය මේ වන විටත් භාෂා 27කට පරිවර්තනය වී ඇති අතර ලොව පුරා පිටපත් මිලියන 14කට අධික ප්‍රමාණයක් විකිණී ඇත.

මෙම සිනමා ප්‍රහසනය තවත් ජර්මන් ජාතික සිනමාකරුවකු වන ඩේවිඩ් වෙනෙන්ඩ්ට් (David Wnendt) ගේ අධ්‍යක්ෂණයකි. “මට හිතෙන්නෙ,හිට්ලර්ට හිනාවෙන්න ජර්මානුවන්ට ඉඩ ප්‍රස්තාව ලැබෙන එක හොඳයි, ඔහු රාක්ෂයෙක් විදිහට උපකල්නය කරමින් ඉන්න එකට වඩා. මොකද කියනව නම්,සමූලඝාතනයන්ට ඔහුගෙ තියෙන වරදකාරීත්වය පිළිබඳ වගකීමෙන් වෙනත් අතකට හැරෙන නිසා ඒකෙන් ඔහුට යම් සහනයක් ලැබෙනවා.”

තම සිනමා නිර්මාණය ගැන අධ්‍යක්ෂකවරයා වසන්නේ එවැනි අදහසකි. එසේම ඔහු තව දුරටත් මෙසේ පවසයි.
දක්ෂිනාංශික අන්තරාය
‘‘ඒක එක පැත්තක්. අනික් පැත්තෙන් මේක එක්තරා හිනාවක්, හරියටම බොටුවෙන් අල්ලගන්න වර්ගයෙ. ඔබ කරමින් ඉන්න දේ ඔබටම වැටහුණාම, අන්න, ඔබට ලැජ්ජ හිතෙන්න ගන්නවා.”

මෙම සිනමාපටය ප්‍රහසනයක වේශයෙන් පෙනී සිටියද, එය බරපතල දේශපාලනයක් සංවාදයට ගන්නා බව විචාරකයන්ගේ මතයයි.

එයින්, සමකාලීන යුරෝපය පුරා යළි නැඟී එන අන්ත දක්ෂිණාංශයේ අනතුර අවධාරණය කෙරෙන බව පැවසෙයි.

මේ ගැන සිනමාකරුවා පවසන්නේ ‘‘ඔව්, අපි අවධාරණය කරන්නෙ මේ පුනර්ජීවනය ලබමින් ඉන්න අනතුර ගැන තමයි‘‘ යනුවෙනි.

 

මූලාශ්‍රය – Radio Gagana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles