Wednesday, May 15, 2024

හිරුණිකා යන්නෙත් තාත්තාගේ අඩි පාරේද?

නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පසුගිය දිනක දෙමටගොඩදී සිදුවූ යහපාලන රජය සමයේ මුල්ම දේශපාලන පැහැරගැනීම වන දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙක් පැහැරගැනීමේ සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගමන් ගන්නේද ඇයගේ පියාගේ අඩිපාරේ බවට සැකයක් ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණාරත්න මහතා කියා සිටියේ කොලොන්නාවේ නමගිය පුද්ගලයෙක් ලෙස භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නට මැදිහත්වූයේ ඇඟෙන්ම බවත්, දියණිය අද අනුගමනය කරන්නේද තාත්තාගේ ක්‍රියා පිළිවෙතම බවය.

පැහැරගැනීමේ සිදුවීමට අදාලව නීතිය දැඩිව ක්‍රියාත්මක කලයුතු බවත් කිසිවෙකුට නීතිය අතට ගැනීමේ හැකියාවක් නැතිබවත් පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරණයේ ප්‍රධාන කරුණක් වූයේත් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ පොලීසියට පමණක් වියයුතු යන්නය. ඒ නිසා මේ රජයත් පසුගිය පාලනයේ අහිතකර තත්ත්වයන් නැවත සිදුකිරීම ගැන තමන් පුදුම වන බව ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.

(Daily Mirror)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles